පරිසර සිරි

2024 අප්‍රේල් මස 19 ප.ව. 03:23 - {{hitsCtrl.values.hits}}  

හමා හමා ඇදෙන මදනල
ගලා ගලා බසින දිය වැල
හරිත පැහැ තුරැ ගොමුවල
තිබේ මිහිරක් ලස්සන මල්වල
 
නිල්ල නිලන නිස්කාන්සු වන උයනයි
මීදුම් සළු පොරවාගත් කඳු යායයි
රන් කරලින් බරවූ කෙත්වතු යායයි
රෑ සිත්තම් කළ රන්වන් අහසයි
 
ඇට්ටේරියා සේපාලිකා කඩුපුල් මල් පිපෙනවා
මල් සුවඳ ඈතට මෑතට විහිදෙනවා
සලබ කැල පියඹමින් මල් රොන් උරනවා
රාත්‍රිෙය් පරිසර සිරි අසිරි මැවෙනවා
 
එනිඳු සුපසන් ප්‍රේමසුන්දර
7 ශ්‍රේණිය,
කේරි විද්‍යාලය, කොළඹ 8.
දින පොත