පාඩම් වැඩ

2024 අප්‍රේල් මස 20 ප.ව. 03:56 - {{hitsCtrl.values.hits}}  

ගමේ යහළුවන් සමඟින් ඔට්ටු දුවන්න
වත්ත පහළ වෙල් එළියේ ගීත ගයන්න
අම්මේ මට හරි ආසයි කියලා දෙන්න
පාඩම් වැඩ ඉවර වෙන්නෙ කවදද අම්මේ
 
සෙල්ලම් ගෙදරක් හදලා කෑම උයන්න
සරැංගලේ උඩ යවලා බලා හිඳින්න
අම්මේ මට හරි ආසයි කියලා දෙන්න
පාඩම් වැඩ ඉවර වෙන්නෙ කවදද අම්මේ
 
රූ නෙත නොපියා අම්මා මහන්සි වෙනවා
දින එක දෙක ඔහෙ නොදැනිම ගත වී යනවා
ළමා කාලයත් නොදැනිම බොඳවී යනවා
කවදද අම්මේ සෙල්ලම් ගෙදර හදන්නේ
 
තරැෂි විහංගා දිසානායක
9 ශ්‍රේණිය,
අ/කැකිරාව මධ්‍ය විද්‍යාලය,
අනුරාධපුර.
දින පොත