සොඳුරැ සැඳෑව

2024 අප්‍රේල් මස 20 පෙ.ව. 04:24 - {{hitsCtrl.values.hits}}  

 

බටහිර අහස
ඉරැත් සමග
රතුපාටින් බබළයි
පාට පාට හෙන්දිරික්කා
සේපාලිකා මල් සුවඳ
දස අත පතුරයි
වැඩට ගිය සියලු දෙන
අහවර කොට වැඩ
පැමිණෙති ගෙදරට
කපුටු ගිරවු රංචු පිටින්
කැදලි කරා පියඹති
අම්මා කඩිමුඩියේ
රූ කෑම පිළියෙළ කරයි
නංගි මල්ලි සතුටින් විවේකයෙන්
පොත් පාඩම් කරයි
එළදෙනුන් උම්බෑ කියමින්
පැටවු සොයයි මේ සියලු කඩිමුඩිය
සැඳෑව නිසාද

දිනුදා මනෝහාරි ජයසුන්දර
9 ශ්‍රේණිය,
ජේ.එම්. සී. ජාත්‍යන්තර පාසල, කෑගල්ල.

දින පොත