අගනා මිතුදම

2024 අප්‍රේල් මස 19 ප.ව. 07:39 - {{hitsCtrl.values.hits}}  

සෙනෙහසින් පිරිමදින
අරලියා මල් අතර සැඟව ගිය
ඉමිහිරි මතක තුළ
නැතුවම බැරි ඇසුර
නිබඳ මා අසල විවෘත අහසේ
එළිය මෙනි
නිතර රුඳුණු මගේ මිතුරිය
ඔබේ මිතුදම නොවෙනස්
ශිලා ලිපියකි
කළුවර දිගු රුයක දනිමි සැමදා
නිදන වග
කිමද ඔබ මට එක් තරැවකි
වැහි බිඳක් සේ මල් පෙත්තක තබා
රුකගමි 
ඒ අගනා මිතුදම

සසංගා නෙත්මිණි සුමුදුමාලි නානායක්කාර,
ර/නාරද මධ්‍ය මහා විද්‍යාලය,
රත්නපුර.

දින පොත