අම්මා

2024 අප්‍රේල් මස 19 පෙ.ව. 04:06 - {{hitsCtrl.values.hits}}  

ඉපදුණ දවසෙ කාටත් වඩා සතුටු     වුණ
ආදරණීය අම්මා මගෙ     ජීවිතය
සැපේ නොවේ දුකේදි මා ළඟ     සිටිය
අම්මා ලොවේ බුදු වේවා මගෙ     පැතුම

අපමණ දුකක් විඳ ඔබ මා බිහි     කරලා
පොඩි කල සිට ම රුකවරණය ගෙන     දුන්නා
අඩුවක් නැතිව මගෙ ජීවය ගොඩ     නගලා
පැතුවේ අම්මා මා රජ වෙන්නයි     කියලා

අඩුවක් නැතුව ලෝකෙට බිහි     කෙරැවාට
ලේ ටික කිරට හරවා මට     පෙවුවාට
දුකක් නොදි මා ඇතිදැඩි     කෙරැවාට
අම්මේ ඔබට ණය ගැති හැම     සසරේම

ලක්විදු මානෙත්
10 ශ්‍රේණිය, ගා/ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලය, බද්දේගම.

දින පොත