2024 මාර්තු මස 29 ප.ව. 07:59 - {{hitsCtrl.values.hits}}
අවුරුදු ඇවිදින් දැනුණේ ම නෑ සතුට උතුරලා දෝරේ ගලන්නේ
අවුරුදු උත්සව ගම වට පැතිරේ පෙර වාගේ අපි දුවලා යන්නේ
උදේ පාන්දර කොහෝ නාදයෙන් කොහා ඇවිත් රස ගීත ගයන්නේ
අවුරුදු අසිරිය දැක එරබදු මල් රතට රතේ පිපිලා දිදුලන්නේ
නැකතට අප සියලු දෙනා වැඩ අරඹන්නේ
සතර දෙසින් මහ සද්දෙන් රතිඤ්ඤා හඬ පැතිරෙන්නේ
මල් පිපිලා ගෙඩි හැදිලා තුරුවැල් සතුටින් ඉන්නේ
මේ හැම මැද්දේ බක් මහ අසිරිය දෝ කියවෙන්නේ
සුදාරක දෙව්මින්ද,
8 ශ්‍රේණිය,
බප/කැල/ කැලණි මහා විද්‍යාලය,
කැලණිය.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |