2024 මාර්තු මස 29 පෙ.ව. 04:52 - {{hitsCtrl.values.hits}}
අවුරුදු අසිරිය ලොවට බෙදන්නේ
කොහෝ හඬින් මුළු ලොව පිබිදෙන්නේ
එරබදු මල් ගම මැද්දෙ දිලෙන්නේ
මෙන්න බලන් සකි අවුරුදු එන්නේ
රතට රතේ කජු පුහුලන් අත්තේ
අවුරුදු ජන ක්‍රීඩා හැම පැත්තේ
ළමයින් එක්වී වෙළ ළඟ වත්තේ
ඔන්චිලි බැඳලාමී අඹ අත්තේ
ලිප ගිනි මොළවා අහර පිසෙන්නේ
ගනුදෙනු කරලා වැඩ අල්ලන්නේ
සිත් සතුටින් සැම නෑගම් යන්නේ
අවුරුදු ඇවිදින් ආපසු යන්නේ
ඩිල්මි ඔමල්කා,
9 ශ්‍රේණිය,
කෑගලු බාලිකා විද්‍යාලය,
කෑගල්ල.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |