අහිමි සෙනෙහස

2024 අප්‍රේල් මස 20 ප.ව. 09:36 - {{hitsCtrl.values.hits}}  

සෙනෙහස නැතිදා කඳුලක් උපන්නේ

ඒ කඳුලින් දිවියම තනි කරන්නේ

ලොවටමඅමුතු ලෙස මා දෙස බලන්නේ

හද ලිනි පපු ගැබ පාරා නගින්නේ


 

මව් සෙනෙහස කවදා මට දැනේදෝ

මේ පාළුව කවදා හද මකාවිදෝ

සෙනෙහස යන මව් බස මට ලැබේවිදෝ

සසර කතරේ සෙනෙහස මට නැතිවේදෝ


 

පිතු සෙනෙහස මුළු ලොව උණූසුම් කෙරුවේ

එම උණුසුම දරු පෙම නිසසල කෙරුවේ

ඇයිදෝ මට එය විඳිනට ඉඩ නැත්තේ

මව් පිය සෙනෙහෙ ඇයිදෝ මට අහිමි වුණේ


 

මනුර තීක්ෂණ දික්කුඹුර,

8 ශ්‍රේණිය,

මධ්‍ය මහා විද්‍යාලය,

පිළියන්දල.

දින පොත