ආදර අම්මා

2024 අප්‍රේල් මස 24 පෙ.ව. 02:27 - {{hitsCtrl.values.hits}}  

දස මස කුස දරා සිටිය මගෙ ආදර අම්මා

ලේ කිරි කර මට පෙවුවා මගෙ ආදර අම්මා

මා අඩනා විට නැලවූ මගෙ ආදර අම්මා

මා ඇති දැඩි කළා මගේ ආදර සුදු අම්මා


 

මගෙ සැප දුක සෙව්වා මගෙ ආදර අම්මා

මා ලෙඩ වූ විට මා ළඟ සිටි ආදර අම්මා

මා පාසල් රැගෙන ගියා මගෙ ආදර අම්මා

මතු බුදු වේවා ආදර මගෙ සුදු අම්මා


 

ඉසාරා ගිම්හානි,

7 ශ්‍රේණිය,

කොළොන්නාව බාලිකාවිද්‍යාලය,

කොළොන්නාව.

දින පොත