පරිසරයේ ලස්සන

2024 අප්‍රේල් මස 23 ප.ව. 08:36 - {{hitsCtrl.values.hits}}  

හිරු කුමරුන් එබී බලන මේ උදෑසනේ

මී මැස්සන් මල් පැණි බොත් මේ උදෑසනේ

කුරුලු නාද දසත ඇසෙන මේ උදෑසනේ

සිත සතුටින් ඇරඹෙන ලස්සන උදෑසනේ

 

කීචි බීචි හඬ ඇ සෙනා මේ උදෑසනේ

වසු පැටවුන්  උඩ පැන යන මේ උදෑසනේ

ගොවියන් කුඹුරට පැමිණෙන මේ උදෑසනේ

හරි අපූරු පරිසරයකි මේ උදෑසනේ

 

තිසර මිහිරංග,

7 ශ්‍රේණිය,

හෝමාගම මධ්‍ය මහා විද්‍යාලය,

හෝමාගම.

දින පොත