මිතුදම

2024 අප්‍රේල් මස 19 ප.ව. 01:15 - {{hitsCtrl.values.hits}}  


කුසුමෙහි සුවඳ පෙතිමත තවරා
ජීවන පිනිබිඳුව
තණ අගක රඳවා
විසිර ගිය සිතුම් පෙළ
රෑ මවයි මතකයේ
සිත්තමක් විලසින්
දිවි ගමනෙ අත්විඳි
සිතිවිලි රුගත් මතකය
සිහි කරනවිට යළිත්
ඇදෙයි මුවගෙහි සිනහවක්
ගෙවී ගියත් කාලය
මිතුදමේ පහස රුඳි
නොනිමි ඒ මතකය
සැමදා මා හද රුඳෙයි

සඳුනි කෞශල්‍යා
ගා/මානවිල උපනන්ද ජාතික පාසල,
වලහන්දූව.

දින පොත