විදු මවුනි

2024 අප්‍රේල් මස 25 ප.ව. 03:10 - {{hitsCtrl.values.hits}}  

විදු මවුනි

නිල් ටයි පටිය ගෙල දමා
සුදු පාට රැලි ගවුම ඇද
නුඹ වෙතට ආ මුල් දවස
තවමත් මතකයි මට......

කළුවර අහස බිද ගෙන
ආලෝකය සොයා යන්නට
පාසල් මවුනි ඔබ
නිතර අත් වැලක් විය

උදයට පායන හිරු කිරණට
ඔබගේ ගුණ කියන්නට
විකසිත වන මල් වලට
ඔබෙ සෙනෙහස තවරන්නට
මා සිතු හැටි
තවමත් මතකයි මට ......

ආර්. ඒ. මනෝදයා සෙව්මිණි
11 ශ්‍රේණිය

ශ්‍රී චන්ද්‍රජොති මහා  විදුහල යක්කල

දින පොත