රාත්‍රිය කොතරම් සොඳුරැද

2024 අප්‍රේල් මස 24 ප.ව. 12:18 - {{hitsCtrl.values.hits}}  

අවදි වි බලන්න එක් රුයක් ලොව දෙස
එකී රූ මනුලොවම නිදන විට
තුරැලිය නගනවා මිහිරි ස්වර
ඒ ස්වරවලට තබමින් තාල 
නිශාචර ලොව අවදිව ඇත 
නිදි මුත් අප සැම

බලා සිටිමි මම එක් මලක් දෙස
එය පොළොවට වැටෙයි හිස නමාගෙන
නටුව ඉහළට විහිදුණු සේපාලිකා මල
මිහිමවට කෙතරම් ආදරෙයි ද

පඳුරක සමන් මල් ගොමුවක් සිත ඇදෙන
ඒ අතරින් බැස එන සඳකිරණ මවයි රටා
තුරැ ගොමුවල තත් ස්වර සමග 
හිරැ නිදිමුත් මේ රුයෙහි
සඳ තනි මකයි තරැ පිරි රූ අහසේ

ඔෂධී අමරසිංහ
9 ශ්‍රේණිය,
ගා/ශ්‍රී හෘදය කන්‍යාරාමය, ගාල්ල.

දින පොත