වැස්ස

2024 අප්‍රේල් මස 24 ප.ව. 04:53 - {{hitsCtrl.values.hits}}  

පුංචි පුංචි වැහි  බිඳු පොළෝ කලය මත වැටෙන්න
නැවුම් සොඳුරැ සුගන්ධයෙන් මිහිතලයම වැසී යන්න
ගහකොළ වැල් මල් එක සේ අලුත් පණක් ගෙන වැඩෙන්න
වැසි දෙව්දුව තුටු විලා අපේ ගමට වැස්ස දෙන්න
 
ළමා ළපටි සතුටු වෙලා කඩදහි ඔරැ පා කරාවි
ඇළ දොළ  වැව් නිල් ජලයෙන් අපූරැවට පිරී යාවි
තිත්ත පැටවු දිය කාවුන් හරි හරියට පීනාවි
නව කන්නය පිළිගන්නට ගොවි මහතුන් සැරසේවි
 
වේළී ඉරි තැළුැණු පොළොව වැසි ජලයෙන් අවදි වේවි
වගා කරපු ගමේ කුඹුරැ රන්වන් කරලින් නැමේවි
දූවිලි කටු ගල් පඳුරැත් වැසි ජලයෙන් ගසා යාවි
කටුක ඉඩෝරය පරදා වසන්තයක් උදා වේවි
 
සෙහන්සා නිපුන්දි
11 ශ්‍රේණිය,
මහින්ද රාජපක්ෂ විද්‍යාලය,
හෝමාගම.
දින පොත