සිඟමන හා රජකම

2024 අප්‍රේල් මස 20 පෙ.ව. 12:53 - {{hitsCtrl.values.hits}}  

එක් දිනයක මා මෙන් මේ ලොව දැකලා
ආදරයක් මා මෙන් සැමදා ලබලා
අම්මාගේ අවවාදය නොම අසලා
ඉගෙන නොගෙන වැරදි මගක ගිය පෙරදා
එහෙයින් ඔබ සිටී සොයුර අද මහපාරේ
වැරහැලි ඇඳ සිඟමන් යදී මිනිසුන්ගේ
ඔබ කළ වැරුද්දට අද දඬුවම් දෙන්නේ
රජකම් කරන මම පෙර ඔබෙ සොයුරා වේ
සමාධි ලෝචනා
9 ශ්‍රේණිය,
ගා/ ජනාධිපති බාලිකා විද්‍යාලය,
වලහන්දූව.
දින පොත