සේපාලිකා

2024 අප්‍රේල් මස 19 පෙ.ව. 05:59 - {{hitsCtrl.values.hits}}  

 

සඳ දකින්නට පෙරැම් පුරනා
එසඳ එළියේ සුවඳ විහිදා
උදෑසන මිලින වන්නිය
සේපාලිකා

සුදු සුමුදු පෙති විදා  හැරලා
රුයක් සුරලොව සුවඳ පතුරා
හිරැ දකින්නට වරම් නැති ඈ
සේපාලිකා

ඉතිං ඔබ දුක් නොවන්න
ඔබේ හදප්‍රිය සුගන්ධය
ගැළපුණේ හිරැට නොව
මුදු සඳ එළියටය

ඕලු නවෝද්‍යා
10 ශ්‍රේණිය,
බ/කුඩා කුසුම් බාලිකා මහා විද්‍යාලය, බණ්ඩාරවෙල.

දින පොත