බළපිටිය රේවත ජාතික පාසලෙන්  සරස සුයාමය

2024 අප්‍රේල් මස 19 ප.ව. 02:49 - {{hitsCtrl.values.hits}}  

‘‘පරිගණක ඥානය අද සමාජය ලබා ගත යුතුයි. ගහන්න නොව විශ්ව දැනුම ලබා ගැනීමටයි. ඇතැමුන්ට පරිගණකයට හුරැවීම නිසා අකුරැ ලියන්න බැරි වී තිබෙනවා. යහපත් පුරවැසියෙක්වීමට නම් හොඳින් ඉගෙන ගත යුතු යැයි,* ආචාර්ය ප‍්‍රණීත් අබේසුන්දර මහතා පැවසීය.

බළපිටිය රේවත ජාතික පාසලේ සරස සුයාමය 2019 කලා උලෙළට සහභාගි වෙමින් ඒ මහතා මේ බව කීය.

13 වැනි ශ්‍රේණියේ උගෙනුම ලබන ඇම්. සඳරැ නවිෂ්ක ද සිල්වා ශිෂ්‍යයාගේ පාරමී නම් කෙටි කතා සංග‍්‍රහය, විද්‍යාලයේ සුභාවිත සඟරාව කෝකිලා මැන්දිස් මහත්මිය විසින් ද, විද්‍යාලයීය කලා සඟරාව මදුෂා ප‍්‍රහාෂිණි ශිෂ්‍යාව විසින් ද ප‍්‍රණීත් අබේසුන්දර මහතාට මෙහිදී පිළිගැන්වූහ. විදුහල්පති ඩී. සිරිනන්ද මහතා ද, ඊ. චිරාත් ලෝචන ශිෂ්‍යයාද මෙහි දී කතා කළහ.

(බළපිටියේ    එස්. ඒ. වයි. ද සිල්වා)

දින පොත