කලගන්වත්ත නවෝද්‍යාවෙන්  දෙහදක කවි ගී

2024 අප්‍රේල් මස 20 ප.ව. 03:42 - {{hitsCtrl.values.hits}}  

වලපනේ අධ්‍යාපන කලාපයේ කලගන්වත්ත නවෝද්‍යා විද්‍යාලයේ නවවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ලක්ෂී රන්දීකා නදීශානි වීරසිංහ සහ දිල්ශාන් මදුවන්ත යන සිසුවියන් විසින් රචනා කරන ලද දෙහදක කවි ගී කාව්‍ය සංග්‍රහය දොරට වැඩුමේ උත්සවය කලගන්වත්ත විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදී පැවැත්වුණි.

විවිධ තේමා ඔස්සේ රචිත කාව්‍ය නිර්මාණ 27 කින් සමන්විත මෙම ග්‍රන්ථයේ මුල් පිටපත පළාත් මාධ්‍ය ඒකක ප්‍රධානි නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා වෙත පිළිගැන්වුණි.

වලපනේ අධ්‍යාපන කලාපයේ සෞන්දර්ය විෂයය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ගයාලි මාරසිංහ , තොරතුරැ තාක්ෂණ විෂයය භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සුමුදු වීරසිංහ, කලගන්වත්ත නවෝද්‍යා විද්‍යාලයේ විදුහල්පති සෝමසිරි අබේසිංහ යන මහත්ම මහත්මීන්, මවුපියන් සහ ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් පැවති උත්සවය විවිධ කලාංගයන්ගෙන් සමන්විත විය. පාසල් මාධ්‍ය ඒකකය භාර ශ්‍රියානි ධනපාල මහත්මියගේ මෙහෙයවීමෙන් මෙම වැඩ සටහන සංවිධානය විය.

 

(කුණ්ඩසාලේ -  පී.එම්. රාජපක්ෂ)

දින පොත