ගිරිඋල්ල වික්‍රමශීලා විදුහලේ සඳුනිට සමස්ත ලංකා තරග ජයක්

2024 අප්‍රේල් මස 19 ප.ව. 01:10 - {{hitsCtrl.values.hits}}  

ගිරිඋල්ල වික්‍රමශීලා විද්‍යාලයේදී පසුගියදා පැවති 2019 සමස්ත ලංකා පාසල් මාර්ග ධාවන තරගාවලියේ දී කුලියාපිටිය කඩිගමුව මහා විද්‍යාලයේ 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සඳුනි අයේෂා  (14) ශිෂ්‍යාව ප්‍රථම ස්ථානය හිමිකර ගත්තාය.
විවිධ දුෂ්කරතා, අභි‍යෝග ජයගනිමින් මෑත ඉතිහාසයේ විදුහලට සුවිශේෂී කීර්තියක් අත්කර දුන් සඳුනි අයේෂා වෙනුවෙන් එම විද්‍යාලයේ විදුහල්පතිනි පී.ආර්.අමරසිංහ මහත්මිය ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය පසුගියදා උපහාර උලෙළක් සංවිධානය කොට තිබුණි. 
කුලියාපිටිය අධ්‍යාපන කලාප කාර්යාලයේ සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ හේමන්ත ඉලංගකෝන් මහතා හා බිංගිරිය අධ්‍යාපන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ ගුරැ උපදේශිකා මල්ලිකා රත්නායක මෙනවියගේ සහභාගීත්වයෙන් පැවති මෙම උපහාර උලෙළේ දී ප්‍රදේශයේ සමූපකාර සංවිධාන කීපයකින්ම ඇය වෙත මුදල් ත්‍යාග හා විශේෂ ශිෂ්‍යාධාර ද පිරිනමනු ලැබිණ. 
සඳුනි අයේෂා ශිෂ්‍යාවගේ ක්‍රීඩා භාර ආචාර්යවරැන් වන ප්‍රදීප් සඳකැළුම් හා ලසඳා ශිරෝමණී මහත්ම මහත්මීන් ද මෙහිදී ඇගයීමට ලක් කෙරැණි.


(බිංගිරිය - නන්ද එස්.ඒකනායක)

දින පොත