පොල්ගොල්ල මහනුවර ආදර්ශ විදුහලේ කරාතේ දස්කම්

2024 අප්‍රේල් මස 19 ප.ව. 09:08 - {{hitsCtrl.values.hits}}  

මහනුවර දිස්ත්‍රික් හා මධ්‍යම පළාත් කරාතේ තරගාවලියේ දස්කම් දැක්වීමට පොල්ගොල්ල මහනුවර ආදර්ශ විදුහලේ ක්‍රීඩකයෝ පසුගිය දා සමත් වූහ.
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය මගින් සංවිධානය කරන ලද මහනුවර දිස්ත්‍රික් හා මධ්‍යම පළාත් කරාතේ තරගාවලිය  මහනුවර නගර සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.
මෙම තරගාවලියේ එම්.එම්.කේ.ඩී. මන්තිලක කුම්තේ සහ කැඩෙට් කාතා යන ඉසව් දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් පිළිවෙළින් තෙවැනි සහ දෙවැනි ස්ථාන ලබා ගත්තේය. තව ද ඩබ්ලිව්.එම්.එස්.ඩී.බී.වනිගසේකර කනිෂ්ඨ අංශයේ කුම්තේ ඉසව්වෙන් දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් ප්‍රථම ස්ථානයත් එම්.එම්.කේ.ඩී. මන්තිලක කනිෂ්ඨ අංශයේ කාතා සහ කුම්තේ ඉසව් වල දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් පිළිවෙළින් තෙවන සහ දෙවන ස්ථානය සහ ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.එල්. වික්‍රමසිංහ කනිෂ්ඨ අංශයේ කුම්තේ ඉසව්වෙන් දිස්ත්‍රික් මට්ටමින් තෙවැනි ස්ථානයත් හිමි කර ගත්හ.
මහනුවර ආදර්ශ විදුහලේ ක්‍රීඩකයන් කරාතේ ක්‍රීඩාව භාර බී.කේ.ඩී.චන්දන කපුරැකොටුව ගරැ විදුහල්පති දේශප්‍රිය රත්නායක මහතා සමග සමූහ ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.


 

දින පොත