අන්තර් දිස්ත්‍රික් ජිම්නාස්ටික් තරගාවලිය ගාල්ල මහින්ද කණ්ඩායමට ජයග්‍රහණ 22 ක්

2024 අප්‍රේල් මස 19 ප.ව. 11:35 - {{hitsCtrl.values.hits}}  

ගම්පහ දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමය සංවිධානය කළ 2019 අන්තර් දිස්ත්‍රික් ජිම්නාස්ටික් ශූරතාවලියේ ජයග්‍රහණ 22 ක් හිමිකර ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ ක්‍රීඩකයෝ සමත් වූහ. මෙම තරගාවලිය ගම්පහ ශ්‍රී බෝධි ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණි.
අවුරැදු 08 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා - සේජ සියත් සමරසිංහ, අවුරැදු 10 න් පහළ දක්ෂතම ක්‍රීඩකයන් ලෙස එස්.කේ.සෙතික දින්සර සහ උවිදු චිරාන් මහේන්ද්‍ර, අවුරැදු 14 න් පහළ දක්ෂතම ක්‍රීඩකයා එස්.කේ.කවිරැ දුලාන් ජයග්‍රහණ හිමිකර ගත්හ. මීට අමතරව ප්‍රථම ස්ථාන හතක්, දෙවැනි ස්ථාන පහක් සහ තෙවැනි ස්ථාන හයක් මහින්ද විද්‍යාලයට හිමිවිය. ජයග්‍රහණ හිමිකර ගත් එම ක්‍රීඩකයන් පුහුණුකරැවන් වන හසන්ත සංජීව කරැණානායක, දිනිදු චානක, ප්‍රදීප් චන්දිමාල් යන මහත්වරැ සමග ඡායාරෑපයකට පෙනී සිටි අයුරැ.


(රත්ගම ගාමිණී මහදුර)

දින පොත