අලවතුගොඩ ජාතික පාසලේ ආසියානු කරාතේ ශූරියෝ

2024 අප්‍රේල් මස 23 ප.ව. 08:25 - {{hitsCtrl.values.hits}}  

මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිටි ප්ලාසා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති 10 වැනි Silent Night ආසියානු කරාතේ ශූරතාවලිය නියෝජනය කරමින්, මප/කටු/අලවතුගොඩ ජාතික පාසලේ එච්.එම්.එම්.ටී.එස්. නිරෝෂිකා අබේරත්න ක්‍රීඩිකාව වයස අවුරැදු 14-15 ගැහැනු විවෘත කුමිතේ ඉසව්වෙන් රන් පදක්කමත්, කේ.එම්.එස්.ජී. කෝණාර ක්‍රීඩිකාව 12-13  ගැහැනු විවෘත කුමිතේ ඉසව්වෙන් රන් පදක්කමක් සහ ඒ.ජී.එච්. හේෂාණි, එච්.එච්.එම්.ටී.එස්. නිරෝෂිකා අබේරත්න, කේ.එම්.එස්.ජී. කෝණාර ක්‍රීඩිකාවන් විවෘත කණ්ඩායම් කාතා ඉසව්වෙන් ලෝකඩ පදක්කම් දිනා ගත්හ.
විද්‍යාලයීය විදුහල්පති එච්.ඒ.පී.එස්. බණ්ඩාර, නියෝජ්‍ය විදුහල්පති එස්.එස්.ජී. පුංචිහේවා, කරාතේ ක්‍රීඩා පුහුණුකරැ එස්. සුරියභවන්, කරාතේ ක්‍රීඩා භාර ආචාරිනී ඒ.ඩබ්ලිව්.එන්.කේ. අඹකුඹුර යන මහත්ම මහත්මීන් යටතේ ක්‍රීඩිකාවන් තිදෙනාට සිය ජයග්‍රහණය කරා යාමට අවශ්‍ය මග පෙන්වීම ලැබිණි.


(සුමති කුඩලිගම)
 

දින පොත