කරාතේ ක්‍රීඩාවෙන් දස්කම් පෙන්වන ගිංතොට මහ විදුහලේ වාසනා

2024 අප්‍රේල් මස 20 ප.ව. 03:33 - {{hitsCtrl.values.hits}}  

ගිංතොට මහා විද්‍යාලයේ නවවැනි වසරේ ඉගෙනුම ලබන ජී.වී.රවිඳු වාසනා කරාතේ ක්‍රීඩාවේ නිරත වෙමින් වසර හයක් තුළ රන් පදක්කම් නවයක්, රිදී පදක්කම් දොළහක් සහ ලෝකඩ පදක්කම් හතරක් දිනා ඇත.
2017 සමස්ත ලංකා පාසල් කරාතේ ශූරතාවලියේ වයස අවුරැදු 12 න් පහළ දක්ෂතම ක්‍රීඩකයන් අට දෙනා අතරට තේරී පත්වූ වාසනා 2019 ගාල්ල කලාප ක්‍රීඩා උලෙළේ වයස අවුරැදු 16 න් පහළ කුමිතේ අංශයේ රන් පදක්කම ද දිනා ඇත. 2019 දකුණු පළාත් පාසල් ක්‍රීඩා උලෙළේ 16 න් පහළ කුමිතේ අංශයේ ලෝකඩ පදක්කම ද, ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සංවිධානය කළ 2019 දකුණු පළාත් කරාතේ ශූරතාවලියේ 14 – 15 වයස් කාණ්ඩයේ කිලෝග්‍රෑම් 45 බර පන්තියේ රන් පදක්කම ද දිනා ඇත. 


(රත්ගම ගාමිණී මහදුර)

දින පොත