බටහිර ආසියානු චෙස් තරගාවලියට අම්බලන්ගොඩ ධර්මාශෝකයෙන් තිසල් සහ පියුමි

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 02:27 - {{hitsCtrl.values.hits}}  

මෙවර ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන හතරවැනි බටහිර ආසියානු චෙස් තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට එකම පවුලේ අයියා, නගෝ දෙදෙනෙක් සුදුසුකම් ලබා ගත්හ.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ එම්.තිසල් මංජිත් පියුමන්ත හා ඔහුගේ එකම සොහොයුරිය වන ධර්මාශෝක විද්‍යාලයේම ඉගෙනුම ලබන එම්.සයුමි විමංසා පියුමන්ති මේ අයියා නගෝය.
මෙරට පැවති ජාතික යොවුන් චෙස් තරගාවලියේ දී මේ අයියා, නගෝ දෙදෙනා දැක්වූ සුවිශේෂී දස්කම් නිසාම ඔවුන් දෙදෙනාට මේ තරග සංචාරය ලබා දීමට ශ්‍රී ලංකා චෙස් සම්මේලනය පියවර ගෙන ඇත.


(කරන්දෙණිය - එම්.සුසිල් ප්‍රියන්ත)

දින පොත