මධ්‍යම පළාත් ළමා මලල ක්‍රීඩා තරගාවලියේ බාලක සහ බාලිකා ශූරතා ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයට

2024 අප්‍රේල් මස 25 ප.ව. 06:23 - {{hitsCtrl.values.hits}}  

මධ්‍යම පළාත් ළමා මලල ක්‍රීඩා තරගාවලියේ පහ ශ්‍රේණිය බාලක සහ බාලිකා තරග ශූරතා දිනා ගැනීමට ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලය සමත් විය. එහි මිශ්‍ර ශූරතාව කොත්මලේ ආනන්ද දසනායක ප්‍රාථමික විද්‍යාලය විසින් දිනා ගන්නා ලදී.
මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අධ්‍යාපන අංශය හා නෙස්ලේ ලංකා ආයතනය එක්ව සංවිධානය කළ මධ්‍යම පළාත් ළමා මලල ක්‍රීඩා තරග දිගන පළාත් සභා ක්‍රීඩා සංකීර්ණයේදි පැවැත්වුණි. මෙම ක්‍රීඩා උලෙළේ ජය සංකේත ප්‍රදානය කිරීම මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)

 

 

 

තරග ප්‍රතිඵල 5ශ්‍රේණිය 
1.බාලක ශූරතාව - ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලය, ගිනිගත්හේන. (ල 138) 2. අනුශූරතාව කදිරේෂන් ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, ගම්පොළ ( ල 136) 3. තෙවැනි ස්ථානය විද්‍යාර්ථ විද්‍යාලය, මහනුවර (ල 135)
1.බාලිකා ශූරතාව - ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලය, ගිනිගත්හේන (ල 148) 2. අනුශූරතාව අංකුඹුර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, අංකුඹුර ( ල 144) 3. තෙවැනි ස්ථානය විද්‍යාප්‍රදීප ප්‍රාථමික විද්‍යාලය, තෙල්දෙණිය. (ල 141)
1. මිශ්‍ර  ශූරතාව ආනන්ද දසනායක ප්‍රාථමික විද්‍යාලය, කොත්මලේ (ල 155) 2. ආගරපතන සිංහල මහා විද්‍යාලය, ආගරපතන (154) තෙවැනි ස්ථානය අලකොළවැව ප්‍රාථමික විද්‍යාලය වලපනේ (ල 152)
තරග ප්‍රතිඵල 4 ශ්‍රේණිය
1. බාලක ශූරතාව - මොන්ටිගොපල්ලව ප්‍රාථමික විද්‍යාලය,විල්ගමුව. (ල128) 2. අනුශූරතාව  අඹගමුව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය (ල122) තෙවැනි ස්ථානය - අංකුඹුර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, අංකුඹුර (ල 121)
1. බාලිකා ශූරතාව - අංකුඹුර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය (ල 148). 2. අනු ශූරතාව- අඹගමුව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, අඹගමුව (ල147) 3 තෙවැනි ස්ථානය ,ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලය, ගිනිගත්හේන (ල145)
1.  මිශ්‍ර ශූරතාව - ආනන්ද දසනායක ප්‍රාථමික විද්‍යාලය, කොත්මලේ (ල163) 2. අනුශූරතාව- ක්ලේවර්ටන් දෙමළ මහා විද්‍යාලය හැටන් (ල162) 3. තෙවැනි ස්ථානය ඇල්බියන් දෙමළ විද්‍යාලය, නුවරඑළිය (ල 159)
තරග ප්‍රතිඵල 3 ශ්‍රේණිය
1.  බාලක ශූරතාව - අඹගමුව ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, අඹගමුව (ල111) 2. අනුශූරතාව අනුරැද්ධ කුමාර ජාතික පාසල, නාවලපිටිය (ල 110), 2. කිංස්වුඩ් විද්‍යාලය මහනුවර (ල 108)
1. බාලිකා ශූරතාව - ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලය, අඹගමුව (ල126) 2. ටොරිංටන් දෙමළ විද්‍යාලය, නුවරඑළිය, (ල 96)) 3. අංකුඹුර ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, අංකුඹුර (ල 95)
1. ශ්‍රේණිය මිශ්‍ර ශූරතාව - ඇල්බියන් දෙමළ විද්‍යාලය, නුවරඑළිය (ල 103), ශ්‍රී ධර්මරතන විද්‍යාලය, ගම්පොළ (ල 101) තෙවැනි ස්ථානය - ආනන්ද දසනායක ප්‍රාථමික විද්‍යාලය, කොත්මලේ (ල 97)

 

දින පොත