2024 මාර්තු මස 29 ප.ව. 07:39 - {{hitsCtrl.values.hits}}
මයිලෝ කුසලාන සමස්ත ලංකා පාසල් නෙට්බෝල් තරගාවලියේ මුල් වටයේ මහනුවර මධ්‍යස්ථාන තරගාවලියේදී මෙවර විවෘත කාණ්ඩය යටතේ පැවති වයස අවු 13න් පහළ තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට මහනුවර හිල්වුඩ් බාලිකා විදුහල සමත් විය.
අවසන් මහා තරගයේදී ලකුණු 4-2න් මහනුවර මහාමායා බාලිකා විදුහල පැරදවීමට හිල්වුඩ් පිල සමත්විය. මෙම අවසන් තරගය ලසන්ති ජයවික්‍රම සහ ශෂිනි පෙරේරා යන මහත්මීහු විනිශ්චය කළහ. කණ්ඩායම් 18ක සහභාගීත්වයෙන් මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගාවලිය ශ්‍රී ලංකා පාසල් නෙට්බෝල් සංගමයේ උපදෙස් මත මහනුවර අධ්‍යාපන කලාපයේ ක්‍රීඩාගුරැ උපදේශිකා අරැණි හේමකුමාරි මහත්මිය විසින් සංවිධානය කරන ලදී. ශූරතාව හා අනුශූරතාව දිනූ කණ්ඩායම් දෙකට අමතරව මහනුවර පුෂ්පදාන බා.වි, උසස් බා.වි, බදුර්දීන් බා.වි සහ යහපත් එඩේරාගේ කන්‍යාරාමය යන පාසල් සමස්ත ලංකා තරගයට සුදුසුකම් ලැබූහ.
(මාතලේ විශේෂ මහේෂ් කිර්තිරත්න)
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |