පැරගුවේට හොරෙන් ඇතුළුවීමට උත්සාහ කළ සුපිරි පාපන්දු ක්‍රීඩක රොනාල්ඩීනියෝ නිවාස අඩස්සියට

2024 අප්‍රේල් මස 19 පෙ.ව. 10:33 - {{hitsCtrl.values.hits}}  

පැරගුවේ රාජ්‍යයට ව්‍යාජ ගමන් බලපත්‍රයකින් ඇතුළු වීමට තැත්කිරීමේ වරදට බන්ධනාගාර ගත කර සිටි බ්‍රසීලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක  රොනාල්ඩීනියෝ සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයාට ඇප ලබාදී අනතුරුව නිවාස අඩස්සියට පත් කර ඇති බව බීබීසීය පවසයි.

ඒ අනුව ඔවුන් දෙදෙනා එරට සුඛෝපභෝගී හෝටලයක් වන පැල්මරෝගා (Palmaroga) හෝටලයේ නිවාස අඩස්සියට ලක්කරන්නැයි එම නඩුවේ තාවකාලික තීරණය ලබාදෙමින් ගුස්ටාවෝ ඇමරිල්ලා (Gustavo Amarilla) විනිසුරුවරයා නියෝග කර තිබේ.

මේ අතර ඔවුන් දෙදෙනාට ඇප ලබාගැනීම සඳහා එක් අයෙකුට යුරෝ 650,000 පමණ බැගින් සම්පූර්ණයෙන් යුරෝ මිලියන 1.3ක විශාල ඇප මුදලක් ගෙවීමට සිදුව තිබිණ. බ්‍රසීලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක  රොනාල්ඩීනියෝ 2002 වසරේ ලෝක කුසලානය දිනූ බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෙකි. එය ඔහුගේ මංගල පාපන්දු ලෝක කුසලානය වීම සුවිශේෂිය.

දින පොත