රොනාල්ඩෝට කොවිඩ්

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 01:44 - {{hitsCtrl.values.hits}}  

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව  පෘතුගාලයේ පාපන්දු සම්මේලනය අඟහරුවාදා ප්‍රකාශ කළේය.

35 හැවිරිදි රොනාල්ඩෝ කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් හුදෙකලා වන අතර කණ්ඩායමේ සියලුම ක්‍රිඩකයන් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලදී අනෙකුත් ක්‍රිඩකයන් සෘණාත්මක වී තිබේ.

ඉතාලි සමාජයක් වන ජුවෙන්ටස් සහ පෘතුගාල ජාතික කණ්ඩායමේ ඉදිරි පෙළ ක්‍රීඩකයෙක් වන රොනාල්ඩෝ පසුගිය සතියේ ස්පාඤ්ඤයට එරෙහිව හා ප්‍රංශයට එරෙහිව ක්‍රිඩා කර තිබේ.

සඳුදා රොනාල්ඩෝ තම කණ්ඩායමේ සාමාජිකයන් සමඟ ආහාර ගන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පළ  කරමින් සඳහන් කළේ “පිටියේදීත් ඉන් පිටතත් එක්සත් වන්න” යනුවෙනි.

දින පොත