2024 අප්‍රේල් මස 25 ප.ව. 02:17 - {{hitsCtrl.values.hits}}
ශ්‍රී ලංකා කාන්තා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි වීරක්කොඩි සිය අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කර තිබේ. ඒ පිළිබඳව ශ්‍රීපාලි විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නිල වශයෙන් දැනුම් දී ඇත.
වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩිකාවක් වන ශ්‍රීපාලි ක්‍රීඩාවෙන් විශ්‍රාම යන විට 34 හැවිරිදි වියේ පසුවන්නීය. මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 89 කට සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 58 කට ඇය සහභාගිවී තිබේ.
“මෙය මා කවදාක හෝ ගත යුතු තීරණයක්. ඒ නිසා මම හිතන්නේ මෙය තමයි ඒ සඳහා හොඳම වෙලාව” යැයි ශ්‍රීපාලි පැවැසීය. සිය සමුගැනීමේ තීරණය පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වා සිටි ශ්‍රීපාලි මෙය තමන්ගේ පෞද්ගලික තීරණයක් මත ගත් එකක් බව සඳහන් කර සිටියාය.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |