හස්ත කර්මාන්ත තරඟය 2019

2024 අප්‍රේල් මස 20 ප.ව. 07:07 - {{hitsCtrl.values.hits}}  

 

 

 

 

 

 

 

 

 

 

 

 

තරගය අවසන්

සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය

ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ.

01. අරමුණු :

1. පාසල් දූ දරැවන්ගේ සැඟවුණු දක්ෂතා කලඑළි දැක්වීම, දිරිගැන්වීම සහ ඇගයීම.

2.ලාංකීය හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ අස්පර්ශනීය උරැමයන් හඳුනාගෙන ප්‍රචලිත කිරීම.

3. සාම්ප්‍රදායික හා සංස්කෘතික වටිනාකමක් ඇති අත්කම් ශිල්ප සංරක්ෂණය කරමින් දේශීය හස්ත කර්මාන්ත නගා සිටුවීම.

4. හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා රජයේ මැදිහත්වීම ශක්තිමත් කර පාසල් දූ දරැවන් හා ජනතාව අතර හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය ප්‍රචලිත කිරීම.

5. ආත්ම අභිමානය වර්ධනය වන පරිදි, ශ්‍රම වෙළඳපොළට අවශ්‍ය ශිල්පීය කුසලතා සිසුන් තුළ වර්ධනය කිරීම හා ව්‍යවසායකත්ව සංකල්ප සාධනීය කිරීම.

 

02. තරගය සඳහා ආවරණය වන විෂය පථය :

ශිල්ප ක්ෂේත්‍රය                           අනු ක්ෂේත්‍රය          ක්ෂේත්‍රයට අනුබද්ධ අන්තර්ගතය

1.මැටි ආශ්‍රිත කලා ශිල්ප නිර්මාණ                               රතු මැටි සහ දිස්න මැටි නිර්මාණ

2.කෙඳි පත්‍ර හා තෘණ ආශ්‍රිත නිර්මාණ                            කෙඳි නිර්මාණ, පැදුරැ,

                                                                                    තලකොල, තල්කොල සහ

                                                                                    වැටකේ නිර්මාණ                                                                      

3. දුම්බර රටා කලා ශිල්ප නිර්මාණ

4.වේවැල් හා උණ බට ආශ්‍රිත කලා    1.වේවැල් නිර්මාණ

ශිල්ප නිර්මාණ                                  2.උණබට නිර්මාණ

5.ලෝහ භාවිත කලා ශිල්ප නිර්මාණ                                       ලෝහ වාත්තු නිර්මාණ,

                                                                                             ලෝහ කැටයම් නිර්මාණ,

                                                                                             රිදී කැටයම් නිර්මාණ හා

                                                                                             රන් කැටයම් නිර්මාණ

6.ආභරණ කලා ශිල්ප                    1.ලෝහමය ආභරණ

                                                     2.විවිධ ආභරණ

7.වෙස් මුහුණු හා රෑකඩ කලා ශිල්ප  1.වෙස් මුහුණු නිර්මාණ

  නිර්මාණ                                         2.රෑකඩ නිර්මාණ

8.දේශීය සංගීත භාණ්ඩ    

9.රෙදි පිළි හා රෙදි පිළි භාවිත කලා                                   අත් සහ මැෂින් එම්බ්‍රොයිඩරි,

ශිල්ප නිර්මාණ                                                                  රෙදි පින්තාරැ, පැච්වර්ක් හා

                                                                                        පාරම්පරික අත් යන්ත්‍රරෙදිපිළි

10.බතික් නිර්මාණ

11.රේන්ද නිර්මාණ                                                            බීරළු, තැටින් හා අත් රේන්ද

12.ලාක්ෂා නිර්මාණ

13.දැව භාවිත කලා ශිල්ප නිර්මාණ                                    දැව කැටයම්, දැව මූර්ති සහ

                                                                                         දැව භාවිත වෙනත් නිර්මාණ

14.සම්භාණ්ඩ ආශ්‍රිත නිර්මාණ

15.පාෂාණ ආශ්‍රිත නිර්මාණ

16.සාම්ප්‍රදායික චිත්‍ර හා මූර්ති කලා

ශිල්ප නිර්මාණ

17.පාරම්පරික උත්සව ආශ්‍රිත කලා

නිර්මාණ

18.පොල්/කිතුල්/තල/තල් ගස් ආශ්‍රිත

නිර්මාණ (පත්‍ර හා කෙඳි හැර)

19.විවිධ කලා ශිල්ප නිර්මාණ

20.සේසත් නිර්මාණ

ශිෂ්‍යයා ඉදිරිපත් කරන ක්ෂේත්‍රය අනුව ප්‍රධාන අමුද්‍රව්‍ය භාවිතය 75෴ ට වඩා වැඩියෙන් තිබීම අත්‍යාවශ්‍ය වේ.

03.තරග මට්ටම්

1.ශ්‍රී ලංකාවේ පළාත් 09 ආවරණය වන පරිදි ජාතික හා පළාත් සභා පාසල්වල අධ්‍යයන කටයුතුවල නිරත පාසල් සිසුන්ට මේ සඳහා සහභාගි විය හැකිය.

2.කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ යනුවෙන් තරග මට්ටම් දෙකකි.

   කණිෂ්ඨ අංශය - (6 ශ්‍රේණිය - 9 ශ්‍රේණිය දක්වා)

  ජ්‍යෙෂ්ඨ අංශය - (10 ශ්‍රේණිය - 13 ශ්‍රේණිය දක්වා)

3.සියලුම පාසල්වල සිසු සිසුවියන්ට මෙම තරගය සඳහා ඇතුළත් වීමට හැකි අතර ඉහත සඳහන් කරන ලද ක්ෂේත්‍රවලින් ඔවුන්ගේ හස්ත කර්මාන්ත නිර්මාණ, තම පාසලේ විදුහල්පතිගේ නිර්දේශය මත පළාත් තරග සඳහා ඉදිරිපත් කළ යුතුය.

4.පළාත් තරගයෙන් ජයග්‍රහණය කරන නිර්මාණ අතුරින් එක් ශිල්ප ක්ෂේත්‍රයකින් ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන හා කුසලතා නිර්මාණ 03 ක් වශයෙන් ජාතික තරගය සඳහා ඉදිරිපත් කෙරේ.

5.පළාත් ජයග්‍රහණ ලබා ගන්නා සිසුන් හට සහ ජාතික මට්ටසේ කුසලතා ලබා ගන්නා සිසුන් සහ සහතික පත්‍ර පමණක් පිරිනමන අතර, ජාතික මට්ටමින් ජයග්‍රහණ ලබා ගන්නා සිසුන් සඳහා එක් එක් ක්ෂේත්‍ර සඳහා පහත ආකාරයෙන් මූල්‍ය ත්‍යාග ද පිරිනමනු ලැබේ.

                           ජ්‍යෙෂ්ඨ අංශය                       කණිෂ්ඨ අංශය

ප්‍රථම ස්ථානය -   රැ.25,000.00                       රැ.15,000.00

දෙවන ස්ථානය - රැ.15,000.00                       රැ.10,000.00

තෙවන ස්ථානය - රැ.10,000.00                      රැ.5,000.00

සමස්ත ලංකා හොඳම නිර්මාණ 2 ක් තෝරා ගන්නා අතර ඒ සඳහා රැ.50,000/= බැගින් ත්‍යාග මුදල් 2 ක් පිරිනැමේ.

වැඩිම නිර්මාණ සංඛ්‍යාවක් ජාතික මට්ටමට ඉදිරිපත් කරන පාසල සඳහා සහතික පතක් සමග රැ.100,000/= ක් වටිනා කලා ශිල්පයට අවශ්‍ය උපකරණ කට්ටලයක් ලබා දීම සිදුවේ.

04.කාල රාමුව

    පළාත් මට්ටමේ තරග - අදාළ වර්ෂයේ අගෝස්තු 25 සිට සැප්තැම්බර් 05 ට පෙර

    ජාතික තරගය            -  අදාළ වර්ෂයේ සැප්තැම්බර් 10-11 ට පෙර

05.සංවිධානය

පළමු තරග අදියර

සියළුම පාසල් වල සිසුන් විසින් ඉදිරිපත් කරන නිර්මාණ පාසලේ විදුහල්පතිගේ නිර්දේශ මත පළාත් තරගය වෙත ඉදිරිපත් කල යුතුය. පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ශිල්ප කලා විෂයය භාර සහාකර අධ්‍යාපන අධ්‍යක්ෂ හෝ බලය පවරන ලද අධ්‍යාපන නිලධාරියෙක් සහ ජාතික ශිල්ප සභාවේ සහකාර අධ්‍යක්ෂ (පළාත්) විසින් තරගය සංවිධානය කළ යුතුය. පළාත් මට්ටමේ තරග විනිශ්චයේ දී එක් විෂයය ක්ෂේත්‍රයකින් ප්‍රථම, දෙවන, තෙවන හා කුසලතා නිර්මාණ 03 ක් පමණක් තෝරාගනු ඇත. එම නිර්මාණ ජාතික තරගය සඳහා ඉදිරිපත් කළ යුතුය.

 

 

 

දින පොත