2024 මාර්තු මස 29 ප.ව. 01:22 - {{hitsCtrl.values.hits}}
හිඟුරක්ගොඩ සිට කිලෝමීටර 25 ක් පමණ මැදිරිගිරිය නගරය දෙසට ගිය විට මෙම වටදාගෙය හමු වෙයි. මණ්ඩලගිරිය, මැදිරිගිරිය යන නම්වලින් මෙය හඳුන්වයි. වටදාගෙය තනා ඇත්තේ නොඋස් ස්වාභාවික ගල් කුළක් මතයි. වෘත්තාකාර හැඩැතිය. වටදාගෙයි වේදිකාව තනා ඇත්තේ ගඩොලිනි.
සෝපාන පන්තිය
වටදාගෙයට පිවිසීම සඳහා සෝපාන පන්තියකි. එට වටදාගෙයට ඊසාන දෙසින් පිහිටා ඇත. කොටස් දෙකකින් සමන්විතය. සෝපාන පන්තිය උසැතිය. දිගැතිය. පියගැටපෙළේ පහළම කොටසෙහි කළු ගලින් නිර්මාණය කරන ලද උළුවස්සක් ඇත. වටදාගෙයට ඇතුළු විය යුත්තේ මෙම උළුවස්සෙනි. පිටගැටපෙළේ ඉහළින්ම ඇති උස් පීඨ දෙකක් මත පුන්කලස් දෙකක් කැටයමට නගා ඇත. වටදාගෙයි මධ්‍යයේ කුඩා දාගැබකි. දාගැබ අඩි 5 ක් පමණ උසය. දාගැබේ පාදමේ විෂ්කම්භය අඩි 26 කි. දාගැබේ පාදමට හුණු ගල් අල්ලා ඇත. ඒ වටා අලංකාර කුලුනු හිස් සහිත ගල් කුලුනු වට තුනකි.
කුලුනු කැටයම්
කුලුනු අටපට්ටම් හැඩැතිය. කුලුනු හිස් පද්මාකාර හැඩැතිය. වාමන රෑ වලින් හා මාලා දාමයන්ගෙන් සරසා ඇත. වටදාගෙයි පිටතින් ඇති කුලුනු වටය අඩි 9 ක් බැගින් උස් වූ කණු 32 කින් යුක්තය. එම කුලුනු යාවෙන පරිදි ගල් ගරාදි වැටක් නිම කර ඇත. මෙම ගල් වැට උසින් අඩි 3 අඟල් 6 ක් පමණ වෙයි. අතිශය සිත් ගන්නා සුලු අංගයකි. මැද වටයේ අඩි 16 බැගින් උස් වූ කණු 20 කි. මැද කුලුනු වටයත් බාහිර කුලුනු වටයත් අතර සෑදූ පවුරකි. මෙම පවුර අඩි 1 අඟල් 9 උසින් යුතුය.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |