චීනයේ යුනාන් විශ්ව විශ්ව විද්‍යාලයට සිංහල භාෂා අධ්‍යයන පීඨයක්

2024 අප්‍රේල් මස 20 ප.ව. 01:34 - {{hitsCtrl.values.hits}}  

චීනයේ ඉහළම ජාතික විශ්ව විද්‍යාල ලැස්තුවේ ඇති යුනාන් විශ්ව විද්‍යාලයේ විදේශ භාෂා පීඨයේ සිංහල භාෂා අධ්‍යයන දෙපාර්තමේන්තුවක් ආරම්භ කර තිබේ.

1923 දී ආරම්භ කරන ලද යුනාන් විශ්ව විද්‍යාලයේ  විදේශ භාෂා පීඨයේ දැනට යුරෝපීය, ආසියානු සහ අප්‍රිකානු භාෂා ගණනාවක් උගන්වන අතර ඉංග්‍රීසි, ප්‍රංශ සහ ජපන් ඇතුළු භාෂා ගණනාවක පශ්චාත් උපාධි සඳහා අවස්ථා ද ඇත.

මේ වසරේ විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමේ ක්‍රියාවලියේ ප්‍රධාන විෂයයක් ලෙස සිංහල ඉගෙනීම සඳහා සිසුන් 25 ක් පමණ යුනාන් විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ඇත. සුගත් රත්නායක මහතා විශ්ව විද්‍යාලයේ පළමු  ශ්‍රී ලාංකික කථිකාචාර්යවරයා වේ. සුගත් රත්නායක කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර පසුගිය සිවු වසර පුරා බීජිං හි චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ සිංහල සේවයේ උපදේශකයෙකු ලෙස සේවය කරයි.

බීජිං විදේශ අධ්‍යයන විශ්ව විද්‍යාලයෙන් සිංහල උපාධිය ලබා ඇති චීන කථිකාචාර්යවරුන් තිදෙනෙකු ද සිංහල විශ්ව විද්‍යාලයේ ඉගැන්වීමේ නිරතව සිටිති. චීන විශ්ව විද්‍යාල කිහිපයක ප්‍රධාන භාෂාව ලෙස සිංහල දැනට උගන්වනු ලැබේ. යුනාන් විශ්ව විද්‍යාලය හැරුණු විට බීජිං විශ්වවිද්‍යාල විශ්ව විද්‍යාලය, චොංකිං සාමාන්‍ය විශ්ව විද්‍යාලය සහ මින්සු විශ්ව විද්‍යාලය ඒ අතර වේ.
ඉන්දික සෙනෙවිරත්න

දින පොත