ජනගහනයෙන් චීනය අබිබවන ඉන්දියාව

2024 අප්‍රේල් මස 20 පෙ.ව. 01:18 - {{hitsCtrl.values.hits}}  

වසර 60කට වැඩි කාලයකට පසු ප්‍රථම වරට චීනයේ ජනගහනය 2022 දී පහළ වැටීමත් සමග ඉදිරි මාස කිහිපය තුළ ලෝකයේ වැඩිම ජනගහනයක් ජීවත්වන රට බවට ඉන්දියාව පත්වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට රටවල් දේකම ජනගහනය බිලියන 1.4 ඉක්මවා ගොස් තිබේ. කෙසේ වෙතත් චීනයේ 1980-පනවන ලද එක් පවුලකට එක් දරු ප්‍රතිපත්තිය නිසා චීනයේ ළදරු උපත් ක්‍රමයේන පහළ ගියේය. එම ප්‍රතිපත්තිය 2016දී අවසන් කිරීමට චීනය කටයුතු කළේය.

2050 දී චීනයේ ජනහගහය බිලියන 1.31 දක්වා ළඟා වනු ඇති අතර එය 2021 උපරිමයට වඩා මිලියන 100 ක පමණ අඩුවීමකි. 

චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයට අනුව, 2022 දී චීනයේ ජනගහනය මිලියන 1,411.8 දක්වා පහත වැටී ඇත. 2021 වසරේ චීනයේ ජනගහනය මිලියන 1,412.6 කි. ඉන්දියාව 2011 වසරේ සිට සංගණනයක් සිදු කර නැතත්, එක්සත් ජාතීන්ගේ ප්‍රක්ෂේපන පෙන්වා දෙන්නේ 2022 දී ඉන්දියාවේ ජනගහනය මිලියන 1,417.2 ක් වන අතර 2023 දී එය මිලියන 1,428.6 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

ඉන්දියාවේ ජනගහනය වසර 40කින් පමණ බිලියන 1.7ක් වැඩි වෙනු ඇතැයි අපේක්ෂා කරනු අතර ඉන් අනතුරුව එය පහළ යනු ඇතැයි අපේක්ෂා කරයි.

කෙසේ වෙතත් බිලියන 1.4කට වඩා වැඩි ජනගහනයක් සිටින ආසියාතිකයේ යෝධයන් දෙදෙනා වන චීනයට හා ඉන්දියාවට මෙම දත්ත තම තමන්ගේ ආර්ථික වෙනුවෙන් විවිධ බලපෑම් එල්ල කරනු ඇත.

 

 

දින පොත