පුටින්ගේ දෝෂාරෝපණයෙන් පසුව රුසියානු ආරක්ෂක ඇමතිට හෘදයාබාධයක්?

2024 අප්‍රේල් මස 23 ප.ව. 06:28 - {{hitsCtrl.values.hits}}  

රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා හෘදයාබාධයකට ලක්ව ඇති බව යුක්රේනය පවසයි. යුක්රේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ උපදේශකයෙකු වන ඇන්ටන් ගෙරෂෙන්ගෝ ප්‍රකාශ කරන්නේ  යුක්රේන ආක්‍රමය කිරීමට රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම අසාර්ථකවූ බවට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් දෝෂාරෝපණය කිරිමත් සමගින් මෙසේ රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා හෘදයාබාධයකට ලක්ව ඇති බවයි. 

මාර්තු 24 බ්‍රහස්පතින්දා පුටින් විසින් නිකුත් කරන ලද වීඩියෝවක කෙටියෙන් පෙනී සිටින තෙක් රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු මාර්තු 11 සිට ප්‍රසිද්ධියේ පෙනී නොසිටියේය.

මේ වන විට රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා රෝහල්ගතව සුවය ලබමින් සිටින බවත් ඇන්ටන් ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් ෂෝයිගුගේ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් රුසියාවෙන් කිසිදු තහවුරු කිරීමක් නොමැත.

දින පොත