මධ්‍යමසංස්කෘතික අරමුදල හා එංගලන්තයේ ඩරම් විශ්ව විද්‍යාලයේ සහයෝගිත්වයෙන් පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු ඇ

2024 අප්‍රේල් මස 23 ප.ව. 06:32 - {{hitsCtrl.values.hits}}  

මධ්‍යමසංස්කෘතික අරමුදල හා එංගලන්තයේ ඩරම් විශ්ව විද්‍යාලයේ සහයෝගිත්වයෙන් පුරාවිද්‍යා පර්යේෂණ කටයුතු ඇරඹේ
මධ්‍ය මසංස්කෘතික අරමුදල හා එංගලන්තයේ ඩරම් විශ්ව විද්‍යාලය ඒකාබද්ධව මෙරට දී ක‍්‍රියාත්මක කරනු ලබන පුරාවිද්‍යා ගවේෂණ හා සංරක්‍ෂණ වැඩසටහනේ දෙවන අදියර පසුගියදා ආරම්භ විය. 
මෙරටට පැමිණ සිටින එංගලන්තයේ ඩරම් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රොබින් කොනිංහැම් මහතා සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන මහතාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කෙරේ. මහාචාර්ය රොබින් කොනිංහැම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පුරාවිද්‍යාඥයන් කණ්ඩායම ලාංකික පුරාවිද්‍යාඥයන් හා එක්ව යාපනය, ඩෙල්ෆ්ට්, කන්දරෝෙඩෙයි ප‍්‍රදේශයන්හි හා අනුරාධපුර මහාවිහාර පරිශ‍්‍රයේ පුරාවිද්‍යාත්මක කාර්යයන්හි නිරතවීමට නියමිත ය. 
විශේෂයෙන්ම ශ‍්‍රී ලංකාවේ උතුරු පළාතේ විහිදී ඇති පුරා විද්‍යාත්මක ස්මාරකයන් සංරක්‍ෂණය කිරීම පිළිබඳව මේ යටතේ විශේෂ අවධානයක් යොමුකෙරෙන අතර යාපන කොටුවේ පිහිටා ඇති සුවිශේෂි පුරාවිද්‍යා ස්මාරකයක් වන ඉපැරණි ඕලන්ද දේවස්ථානයේ පුරාවිද්‍යාත්මක තහවුරු කිරීමේ කටයුතු මෙම වැඩසටහනේ ප‍්‍රමුඛ කාර්යයක් වේ. මෙම පුරාවිද්‍යාත්මක සංරක්‍ෂක කාර්යයන් සඳහා මහාචාර්ය රොබින්කොනිංහැම් මහතා විසින්, පශ්චාත් ව්‍යසන පුරාවිද්‍යා කළමනාකරණ ක‍්‍රමවේදය යොදාගන්නා අතර එය ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා භූමියක ක‍්‍රියාත්මක වන්නේ ප‍්‍රථමවරට ය. 
මෙම ක‍්‍රමවේදයට අනුව කිසියම් ව්‍යසනකාරී සිදුවීමකට හෝ කාලසීමාවකට පසු එම ස්මාරකය ආශ‍්‍රිතව ඉතිරි වී ඇති පුරාවිද්‍යාත්මක සාධක පරීක්‍ෂා කිරීම හා එක්රැුස් කිරීම මගින් අදාළ ස්මාරකයේ පුරාවිද්‍යාත්මක ස්වභාවය පිළිබ`දව නිගමනය කිරීමත් ඒ මගින් සංරක්‍ෂණ ක‍්‍රියාවලිය පවත්වාගෙන යාමත් සිදුවේ. 
එමෙන්ම යාපනය දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති කන්දරෝෙඩෙයි (කදුරුගොඩවිහාරය) හා ඩෙල්ෆ්ට් දූපතෙ පිහිටා ඇති ලන්දේසි බලකොටුව ආශ‍්‍රිතව මූලික පුරා විද්‍යාත්මක අධ්‍යයන සිදුකරන අතර අදාළ පුරාවිද්‍යා ප‍්‍රදේශ පිළිබඳව සිතියම් සකස් කිරීම හා ආශ‍්‍රිත පුරාවස්තු නිසි පරිදි හඳුනා ගැනීම සිදුකිරීමට නියමිත ය.
තවද අනුරාධපුර මහා විහාර පරිශ‍්‍රයේ නියාමන ව්‍යාපෘතියක් ලෙස ස්වයංක‍්‍රීය කැමරා මගින් ගුවන් ඡුායාරූප ලබා ගැනීමටත් එමගින් ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් යුතු ඡායාරූපගත සිතියම් සකස් කිරීමමෙන්ම පුරාවිද්‍යා අවදානම් ප‍්‍රදේශ හඳුනාගැනීමේ කටයුුතු සිදුකිරීමට ද නියමිත ය. එමෙන්ම මහා විහාර පරිශ‍්‍රයේ පිහිටා ඇති ථූපාරාමය හා රුවන්වැලි සෑය ආශ‍්‍රිතව භූමියේ පාංශු ස්තර සහ එම පොළොවේ ස්ථායි තත්ත්වය පිළිබඳව රේඩාර් තාක්‍ෂණය උපයෝගී කරගනිමින් භූවිද්‍යා ගවේෂණ සිදුකිරීම ද මෙම වැඩ සටහනයටතේ සිදුවේ. 
    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ උපදේශකත්වය මත උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මැතිතුමාගේ මෙහෙයවීමෙන් මෙම ජාත්‍යන්තර පුරාවිද්‍යාත්මක සහයෝගිතා වැඩසටහන ක‍්‍රියාවට නැංවෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ  මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.


 

දින පොත