වසර තුනකට පසු ඌවේ ආයෙත් සකුරා මල් පිපිලා

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 12:41 - {{hitsCtrl.values.hits}}  

ජපානයෙන් ගෙනවිත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල භූමියේ රෝපනය කරන ලද සකුරා මල් ගසේ මේ දිනවල ඉතාමත් අලංකාර සකුරා මල් පිපී ඇතැයි ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා පවසයි.

2017 වසරේ ජපානයේ සිට ශ්‍රී ලංකාවට ජපන් ශ්‍රී ලංකා සහයෝගිතාව මත මහචාර්ය ආනන්ද කුමාර මහතා විසින් ගෙනවිත් අත්හදා බැලීමක් ලෙස ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලභූමියේ රෝපනය කරන ලද මෙම සකුරා මල් ගසේ අලංකාර සකුරා මල්කීපයක් පිපි තිබෙන   බවද හෙතෙම කීය.

බදුල්ල ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය පිහිටි සරසවි භූමිය තුළ සකුරා මල් පැලවගා කිරීමට සුදුසු දේශගුණික තත්ත්වයත් පවතින බවට හැගී ගිය හෙයින් අත් හදා බැලීමේ පර්යේශනයක් ලෙස මෙසේ මෙම ජපානයෙන් ගෙන ආ සකුරා මල් පැලය රෝපනය කල බවත් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා සදහන් කළේය.

මෙම සකුරා මල් ගසේ 2020 වසරේද මල් පිපුන බවත් , වසර තුනකට පසුව මෙවර ද එම සකුරා මල් ගසේ සකුරා මල් පිපි ඇතැයි උපකුලපතිවරයා කීහ .

විශේෂයෙන් බදුල්ල- ඇල්ල ප්‍රදේශ වල සකුරා මල් වගා කිරීමට සුදුසු දේශගුණික තත්ත්වයත් පවතින බවට අනාවරණය වීම නිසාවෙන් ජපානය මගින් ඇල්ල සංචාරක පුරවරයේ ජපානයට පමණක් සුවිශේෂී සකුරා මල් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව පවසන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා මෙමගින් මෙරටට සංචාරක ආකර්ශනය වැඩිකර ගත හැකි බවද පැවසීය .

ජායාරූප ඇල්ල ප්‍රසාද් රුක්මල්

දින පොත