වාහන සිය ගණනක් ගැටුන අනතුර

2024 අප්‍රේල් මස 19 ප.ව. 08:37 - {{hitsCtrl.values.hits}}  

 බීජිං (ඒඑෆ්පී): මධ්‍යම චීනයේ හෙනන් පළාතේ ෂෙන්සෝ නගරය ආසන්නයේ පාලමක් මත සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් මිය ගොස් වාහන 200කට අසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

අයහපත් කාගලුණ තත්ත්වය මෙම අනතුරට ප්‍රධාන හේතුව වී ඇති අතර වාහන විශාල සංඛ්‍යාවක් එකිනෙක ගැටී තිබේ.
අනතුර සම්බන්ධයෙන් ලබාගෙන තිබූ ගුවන් ඡායාරූපවලින් පෙන්වන්නේ මගී කාර්, වෑන් සහ ලොරි සිය ගණනක් එකිනෙක ගැටී ඇති බවයි.

බදාදා උදෑසන, ෂෙන්සෝහි කහ ගංගා පාලමේ හදිසි මීදුම් තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව චීන මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදු වූ විගස හදිසි ගලවා ගැනීමේ ප්‍රයත්නයන් සිදු කරන ලද අතර සාමාන්‍ය ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අනතුරට පත් ස්ථානය මේ වන විට පිරිසිදු කරමින් පවතින බව වාර්තා වෙයි.

දින පොත