ලෝකයේ ළාබාලම අගමැතිනිය ධුරයට සමුදෙයි

2024 අප්‍රේල් මස 24 පෙ.ව. 12:34 - {{hitsCtrl.values.hits}}  

නවසීලන්ත අගමැති ධූරයෙන් තමන් ඉල්ල අස්වෙන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් ප්‍රකාශ කරයි. ඇය වසර හයකට ආසන්න කාලයක් නවසීලන්තයට විශිෂ්ඨ නායකත්වයක් ලබාදුන්නාය.

ඇය කම්කරු පක්ෂයේ නායකත්වයෙන් පෙබරවාරි 7 වැනිදා ඉවත්ටවීමට නියමිත අතර ඇයගේ අනුප්‍රාප්තිකයා තේරීම සඳහා පසුව පක්ෂය තුළ ඡන්දයක් පැවැත්වීමට නියමිතය.

නවසීලන්තයේ මහ මැතිවරණය ඔක්තෝබර් 14 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ. 42 හැවිරිදි ආර්ඩර්න් මහත්මිය පැවසුවේ ගිම්හාන විවේකයේදී ඇගේ අනාගතය ගැන සලකා බැලීමට කාලය ගත වූ බවයි.

ආර්ඩර්න් මහත්මිය 2017 දී නවසීලන්ත අගමැති ලෙස තේරී පත් වූ විට, වයස අවුරුදු 37 ක් වූ අතර එදින දක්වා ඇය ලෝකයේ බිහිවූ ළාබාලතම කාන්තා අගමැතිවරිය බවට පත්විය.

 

දින පොත