ජලයේ හා ගුවනේ ගමන් කළ හැකි නව ඩ්‍රෝනයක් චීනයෙන්

2024 අප්‍රේල් මස 19 පෙ.ව. 05:53 - {{hitsCtrl.values.hits}}  

ජලයේ ගිල්විය හැකි මෙන්ම ගුවන්නේ පියාසර කළ හැකි ඩ්‍රෝනයක් පිළිබඳව මූලාකෘතියක් නිර්මාණය කිරීමට චීන පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබේ.

මෙම මූලාකෘතිය පුළුල් පරාසයක කාර්යයන් සඳහා භාවිත කිරීමට ඔවුන් අපේක්ෂා කරයි.  TJ-FlyingFish නම් මෙම ඩ්‍රෝනය නිපදවා ඇත්තේ ටොංජි විශ්වවිද්‍යාලය සහ හොංකොං චීන විශ්වවිද්‍යාලය යටතේ ඇති බුද්ධිමත් ස්වයංක්‍රීය පද්ධති සඳහා වූ ෂැංහයි පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් විසිනි.

එහි බර කිලෝග්‍රෑම් 1.63කි. මෙම ඩ්‍රෝනයට මිනිත්තු හයක් වාතයේ සැරිසැරීමට හෝ විනාඩි 40ක් පමණ දිය යට පිහිනීමට හැකියාව ඇත. සම්පත් ගවේෂණය, සෙවීම් සහ ගලවාගැනීමේ මෙහෙයුම් සහ ඉංජිනේරු පරීක්ෂණ සඳහා මෙය යෙදීමේ හැකියාව පවතී.

දින පොත