ලාකේය සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා සමුගනියි
- 2025-05-24 17:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජින ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.කලක් රෝගාතුරව සිටි ඒ මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 78වන වියෙහි පසුවූවාය.
1963 වසරේ දී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය, 1968 වසරේදී පුංචි බාබා චිත්‍රපටයෙන් සිනමාවට පිවියාය.
නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා, අම්මාවරුනේ ඇතුළු චිත්‍රපට රාශියකට සිය දායකත්වය ලබාදුන් මාලනී ෆොන්සේකා මහත්මිය ලංකාවේ විවිධ සම්මාන රාශියක්ද තමන් සතු කර ගත්තාය.
එසේම 2010 වසරේදී ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දේශපාලනයටද පිවිසි මාලනී ෆොන්සේකා මහත්මිය 2015 වසර වන මන්ත්‍රිවරියක ලෙස කටයුතු කළාය.
Reply To:
Name - Reply Comment
0 Comments