Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දොරවක ඇතා බැඳි ලෙන

  • 2018-12-03 09:23:52
  • 0 Comments

කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ලෙන අයත් වේ. පාරිසරික වශයෙන් ගත් කළ පහතරට තෙත් කලාපයේ පිහිටා ඇත. වරකාපොළ සිට අඟුරැවැල්ල මාර්ගයේ සැතපුම් තුනක් පමණ ගිය විට තල්ලියද්ද හන්දියෙන් හැරී සැතපුම් එක හමාරක් දුර ගොස් ගනේගමින් දකුණට හැරී මාදෙණිය මාර්ගයේ සැතපුමක් පමණ ගිය විට ලෙනට ළඟාවීමට පුළුවන. 
පසින් වැසී ගිය කන්දක්
මෙම ලෙන මුලින්ම පරීක්ෂාවට ලක් කරන ලද්දේ 1917 වර්ෂයේ දී ජී. එෆ් . ආර් බ්‍රවුනින්ග් මහතායි. නැවත 1953 වර්ෂයේ දී පී. ඊ. පී දැරණියගල මහතා විසින් පරීක්ෂා කොට ඇත. ලෙනෙහි උස අඩි 55 කි. ඇතුළත දිග අඩි 82 කි. පළල අඩි 14 කි. අති විශාල ගල් තල දෙකක් මුදුනින් එකට හේත්තු වීම නිසා මෙම ලෙන නිර්මාණය වී ඇත. දුරාතියේදී මෙම ස්ථානය පසින් වැසී ගිය කන්දක් ලෙසින් පැවත ඇත. නමුත් නිරන්තරයෙන් ඇද හැළුණු  වර්ෂාවෙන් පස් සේදී යාම නිසා මෙම ගල් ලෙන සහිත කඳු මුදුන නිර්මාණය වී ඇත. 
පැරණි ජනාවාසයක්
ලෙනෙහි පැරණිම ජනාවාස පිහිටියේ එහි වත්මන් පොළොව මතුපිට සිට අඩි විස්සක් පමණ ගැඹුරැ මට්ටමෙහි බව හඳුනාගෙන ඇත. කැණීම් කිරීමේදී ප්‍රධාන පස් තට්ටු දොළහක් හඳුනාගෙන ඇත. ගැඹුරින්ම පිහිටි ජනාවාස ස්ථරයේ තිබී අඟුරැ, ශිලා මෙවලම් හා කැකුණ ඇට ද ලැබී ඇත. දෙවන පස් තට්ටුවේ සිට ඉහළට මෙම ද්‍රව්‍යයන් බහුල වශයෙන් තිබී ඇත. වඩා වැදගත් වන්නේ මැටි බඳුන්වල කුඩා කොටස් ශිලා මෙවලම් සමග හමු වීමයි. තෙවන පස් තට්ටුවේ එම ද්‍රව්‍ය තවදුරටත් බහුල වශයෙන් තිබී හමු වී ඇත. මෙම ස්ථරයේ සිට ඉහළ ස්තරයන්හි මැටි බඳුන් කැබලි, ශිලා මෙවලම්, ධාන්‍ය ඇට, අඟුරැ, ගල් පතුරැ යනාදිය බෙහෙවින්ම ලැබී ඇත. මෙයින් පැහැදිලි වන්නේ මෙම ගල්ලෙන ප්‍රාග් මානව ජනාවාසයක්ව පැවති බවයි. 
මෙසෝලිතික අවධිය නියෝජනය කරයි
කාල නිර්ණයට අනුව තෙවෙනි හා දෙවෙනි පස් ස්තර අඩුම තරමින් ක්‍රි. පූ 2000 තරම් ඈතට දිව යයි. පළමුවන පස් ස්තරය ක්‍රි. පූ 4000 පමණ කාලයට අයත් වේ. 
මෙම ලෙනෙන් ලැබෙන සාධක මේ අනුව මධ්‍ය ශිලා යුගයටත් නව ශිලා යුගයටත් අතර මැදි අවධියකට අයත් වන බව පැහැදිලිය. මෙම කරැණු අනුව අනුමාන කළ හැක්කේ දොරවක ඇතා බැඳි ලෙනෙහි සාධක නව ශිලා යුගයේ නියෝජනයක් නොව පශ්චාත් මධ්‍ය ශිලා යුගය හෙවත් මෙසෝලිතික අවධිය නියෝජනය කරන බවයි.


උපේක්ෂා මුණවීර
ඡායාරෑප - රැෂිරැ තරංග
ස්තූතිය - පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ගවේෂණ නිලධාරී ටී. එම්. සී බණ්ඩාර මහතාට. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.