මහසෙන් ජාතික පාසලේ සිසුන්ට කැඳ වීදුරුවක්
- 2025-07-16 15:07:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නිකවැරටිය මහසෙන් ජාතික පාසලෙන් නිරෝගි සෞඛ්‍ය සම්පන්න දරු පරපුරක් නිර්මාණය කිරීම සඳහා සෑම දිනකම දරුවන්ට ඔසු කොළ කැඳ සහ ඔසු පාන වර්ග ලබාදීමේ වැඩසටහනක් එම පාසල මගින් මේ වන විට අරඹා ඇත.
ඒ සඳහාම පාසල් පරිශ්‍රය තුළ නිර්මාණය කරණ ලද "හෙල වෙද මැදුර " තුළින් මෙලෙස දරුවන්ට ඖෂධීය කොළ කැඳ සහ පාන වර්ග ලබාදීම සිදුකෙරෙන අතර මෙම වැඩසටහනද "හෙල වෙද මැදුර " නමින් නම්කර ඇත.
විවිධ රසකාරක යෙදූ කෘතීම ආහාර වර්ග හා පැණි බීම වර්ග භාවිතයට වර්තමානයේ දරුවන් වැඩි වශයෙන් යොමු වී සිටින අවධියක දරුවන් ඉන් මුදවා ගැනීම හා දරුවන් ගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගනිමින් නිරෝගි සම්පන්න දරුවන් සමාජ ගත කිරීම සඳහා පාසැල තුළින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
විදුහල්පති දයානන්ද ජයසුන්දර මහතාගේ උපදෙස් අනුව ගුරු භවතුන් විසින් වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
(නිකවැරටිය ප්‍රියාණි මංගලිකා )
Reply To:
Name - Reply Comment
0 Comments