දකුණු පළාත් ජිම්නාස්ටික් ශූරතාවලිය - ගාල්ල මහින්දයට රන් පදක්කම් පහක්
- 2020-09-11 09:50:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැලිගම සිද්ධාර්ථ විදුහලේ පැවති දකුණු පළාත් ජිම්නාස්ටික් ශූරතා තරගාවලිය සඳහා ගාල්ල මහින්ද විද්‍යාලය නියෝජනය කරමින් සහභාගී වූ සිසුහු ජ්‍යෙෂ්ඨ අංශයෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූහ. ඔවුන්ට රන් පදක්කම් පහක් රිදී පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් අටක් හිමිවිය.
අවුරැදු 08න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මහින්ද විදුහලේ සේජ සියත් සහ අවුරැදු 10න් පහළ දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් මහින්ද විදුහලේ ලකිඳු නෙත්සර සම්මාන හිමිකර ගත්හ. බාලිකා ජ්‍යෙෂ්ඨ අංශයේ අවුරැදු අටෙන් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගාල්ල සිරිධම්ම විදුහලේ ධනාත්මා හසින්දි ද අවුරැදු 10න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ සසඳි කරැණාසේන ද සම්මාන හිමිකර ගත්හ.
ජිම්නාස්ටික් කණ්ඩායමේ පුහුණුකරැවෝ ලෙස අසන්ත සංජීව කරැණානායක, දිනිඳු චානක සහ අජිත් වනිගසිංහ මහත්වරැද කටයුතු කළහ.
මෙම තරගාවලිය මාතර දිස්ත්‍රික් ජිම්නාස්ටික් සංගමය විසින් සංවිධානය කරනු ලැබ තිබිණි.
(ගාල්ල සිරංගිකා ලොකුකරවිට)
Reply To:
Name - Reply Comment
0 Comments