ජාතික මහා ක්‍රීඩා උලෙළ අගෝ: 29-31 ගාල්ල දඩල්ල පිටියේදී
- 2025-07-19 11:26:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හතළිස් නවවැනි ජාතික මහා ක්‍රීඩා උලෙළ ‘ජවසම්පන්න පුරවැසියෙක් ජයග්‍රාහී ජනතාවක්’ තේමාව යටතේ මෙවර ගාල්ල හා මාතර කේන්ද්‍රකොට (17දා) ආරම්භ විය. මෙවර ජාතික මහා ක්‍රීඩා උලෙළේ සමාප්ති උත්සවය අගෝස්තු 29 සිට 31 දක්වා ගාල්ල, දඩල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය සුදානම් කර ඇත.
මෙවර ක්‍රීඩා ඉසව් 35ක් මෙවර ස්ථාන තුනකදී පැවැත්වීම විශේෂත්වයකි. ගාල්ල දඩල්ල ක්‍රීඩා සංකීර්ණය, හික්කඩුව නගර සභා ක්‍රීඩාංගණය, මාතර කොටවිල ගෘහස්ථ ක්‍රීඩාංගණය හා කොළඹ ස්ථාන කිහිපයකදී තරග පැවැත්වීමට පැවැත්වේ.
අදියර පහක් යටතේ පැවැත්වෙන තරගවල පළමු කාණ්ඩය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක කේන්ද්‍රකොට ආරම්භ වූ අතර, එහිදී ක්‍රීඩා ඉසව් 7ක් ආරම්භ විය. දෙවැනි අදියර මේ 25 සිට 28 දක්වා කොළඹ දිස්ත්‍රික්කයේදී මල්ලවපොර, වූෂූ, ටයිකොන්ඩෝ, බර ඉසිලීම ආදි තරග පැවැත්වේ, පිහිනුම්, ජූඩෝ, රග්බි සෙවන්ස්, ජිම්නාස්ටික්, ක්‍රිකට්, බැඩ්මින්ටන් ආදී තරග තෙවැනි අදියර යටතේ අගෝස්තු 1 සිට අගෝස්තු 3 දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රීඩාංගණ කිහිපයකදී පැවැත්වේ.
හතරවැනි අදියර යටතේ අගෝස්තු 13 සිට 17 දක්වා චෙස්, වොලිබෝල්, කැරම්, එල්ලේ, කරාටේ, බීච් කබඩි තරග පවත්වනු ලබන අතර, පස්වැනි අදියර යටතේ අගෝස්තු 15 සිට 31 දක්වා බාස්කට්බෝල්, බොක්සිං, කායවර්ධන, පාපන්දු, කබඩි, බීච් වොලිබෝල් ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. අගෝස්තු 29 දා ගාල්ල, දඩල්ල ක්‍රීඩාංගණයේ දී ජාතික මහා ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා ඉසව් ආරම්භ වේ.
සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම සහ සෑම දිස්ත්‍රික්කයකටම තරග සංවිධාන කටයුතු සඳහා රුපියල් 100,000 බැගින් ද, පළාත් තරග සංවිධාන කටයුතු සඳහා රුපියල් 500,000 බැගින් ද පිරිනැමේ. එමෙන්ම ජාතික මහා ක්‍රීඩා උලෙළට සහභාගි වන සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආහාර සහ නවාතැන් සඳහා දීමනාවක් ලබා දීමට ද කටයුතු කරන බව ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා ෙඊයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.
Reply To:
Name - Reply Comment
0 Comments