ජාතික මුද්දර ප්‍රදර්ශනයට අයදුම් කරන්න

2024 අප්‍රේල් මස 20 ප.ව. 04:14 - {{hitsCtrl.values.hits}}  

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය සහ ශ්‍රී ලංකා මුද්දර එකතු කරන්නන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ජාතික මුද්දර ප්‍රදර්ශනය 2017 ඔක්තෝබර් මස  26, 27, 28 සහ 29 දිනවල දී කොළඹ 10 ඩී.ආර්.විජයවර්ධන මාවතේ අංක 310 හි  තැපැල් මූලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම තරග වයස් කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වේ.

 

ජාතික මුද්දර ප්‍රදර්ශනය - 2017 සැප්තැම්බර් මස 19 වැනිදා 

තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය සහ ශ්‍රී ලංකා මුද්දර එකතු කරන්නන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ජාතික මුද්දර ප්‍රදර්ශනය 2017 ඔක්තෝබර් මස  26, 27, 28 සහ 29 දිනවල දී කොළඹ 10 ඩී.ආර්.විජයවර්ධන මාවතේ අංක 310 හි  තැපැල් මූලස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම තරග වයස් කාණ්ඩ 4 ක් යටතේ පැවැත්වේ.

ප්‍රදර්ශන අංශ

1. තරගකාරි අංශය

මෙම අංශයෙන් ලැබෙන ප්‍රදර්ශක සඳහා එක් එක් කාණ්ඩය යටතේ ප්‍රථම, දෙවැනි සහ තෙවැනි ස්ථාන ලබාගන්නා ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පිළිවෙලින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් ද වටිනා ත්‍යාග සහ සහතිකපත් ද  පිරිනැමේ.

2. තරගකාරි නොවන අංශය

මෙම අංශයෙන් ලැබෙන ප්‍රදර්ශක ඉදිරිපත් කරනු ලබන්නේ ප්‍රදර්ශනය සඳහා පමණි. නියමිත ප්‍රමිතියෙන් යුක්ත ප්‍රදර්ශක සඳහා පමණක් සහභාගිත්ව සහතික පිරිනැමේ.

වයස් කාණ්ඩ සඳහා ප්‍රදර්ශක පිටු ගණන හා තේමා

පහත සඳහන් වයස් කාණ්ඩ යටතේ තරගකාරි සහ තරගකාරි නොවන අංශවලින් ප්‍රදර්ශක ඉදිරිපත් කළ හැකිය.

වයස් කාණ්ඩය              පිටු ගණන                    ඉදිරිපත් විය හැකි තරග කාණ්ඩ

1.  5,6,7 ශ්‍රේණි             පිටු 04                          සාම්ප්‍රදායික / තේමාත්මක

2. 8,9,10 ශ්‍රේණි            පිටු 08                          සාම්ප්‍රදායික / තේමාත්මක

3. 11,12,13 ශ්‍රේණි        පිටු 16                          සාම්ප්‍රදායික/ තේමාත්මක

4. වැඩිහිටි                     පිටු 16 හෝ 32                         සාම්ප්‍රදායික/ තේමාත්මක/ තැපැල් ඉතිහාසය

                                                                                    තැපැල් ලිපිද්‍රව්‍ය/ ගුවන් තැපැල්/ තාරකා විද්‍යාව/                       

                                                 ආදායම්

ප්‍රදර්ශනය කළ හැකි දෑ.................

මුද්දර හා මුද්දර ආශ්‍රිත අයිතම පමණක් ප්‍රදර්ශනය කළ හැකිය. මුද්දර හා සම්බන්ධතාවක් නැති  කාසි හා නෝට්ටු ප්‍රදර්ශනය කළ නොහැකිය.

තරග කාණ්ඩ

1.         සාම්ප්‍රදායික (Traditional Philately)

            මුද්දර, සිහිවටන පත්‍රිකා, මුල්දින කවර එකතු කිරීමත් තැපැල් කාර්යාලයෙන් මිලදී ගැනීමට             නොහැකි  මුද්දර සඳහා අඳින ලද චිත්‍ර, සෝදුපත් ආදිය එකතු කිරීමත් ඒවා පිළිබඳ අධ්‍යයනය             කිරීමත් මෙයට අදාළ වේ.

2.         තේමාත්මක (Thematic Philately)

            තේමාවකට අදාළ වන මුද්දර සහ අනෙකුත් ඕනෑම තැපැල් ලිපිද්‍රව්‍ය එකතු කිරීමත් ඒවා පිළිබඳ අධ්‍යයනය කිරීමත් මෙයට අදාළ වේ.

3.         තැපැල් ඉතිහාසය (Postal History)

            තැපෑලේ ඉතිහාසයට අදාළ වන තැපැල් ගාස්තු සහ තැපැල් ප්‍රවාහන මාර්ග පිළිබඳ සාක්ෂි             සපයන             මුද්දර සහ අනෙකුත් තැපැල් ලිපිද්‍රව්‍ය ද දින මුද්‍රා සලකුණුද එකතු කිරීමත් ඒවා පිළිබඳ       අධ්‍යයනය කිරීමත් මෙයට අදාළ වේ.

4.         තැපැල් ලිපිද්‍රව්‍ය (Postal Stationery)

            මුද්දර මුද්‍රිත ලිපිකවර, තැපැල්පත්, ගුවන්ලිපි, මුද්දර අලවා භාවිත කළ  ලිපිකවර, තැපෑලට             භාවිත කර ඇති පුවත්පත් හා පාර්සල් දවටන ආදිය එකතු කිරීමත් ඒවා පිළිබඳව අධ්‍යයනය             කිරීමත් මෙයට අදාළ වේ.

5.         ගුවන් තැපැල් (Aerophilately)

            ගුවන් තැපෑල සඳහා විශේෂයෙන් භාවිත කළ මුද්දර, ගුවන් තැපෑලෙන් යැවුණු තැපැල්පත්,             මුද්දර ඇලවූ කවර සහ ගුවන් තැපෑලට භාවිතා කළ ලේබල් ආදිය එකතු කිරීමත් ඒවා පිළිබඳ             අධ්‍යයනය කිරීමත් මෙයට අදාළ වේ.

6.         තාරකා විද්‍යාව (Astrophilately)

            තාරකා විද්‍යාව ආශ්‍රිත තේමාවලින් නිකුත් කෙරැණු මුද්දර සහ අනෙකුත් සෑම තැපැල්             ලිපිද්‍රව්‍යයක්ම එකතු කිරීමත් ඒවා පිළිබඳ අධ්‍යයනය කිරීමත් මෙයට අදාළ වේ.

7.         ආදායම් (Revenue)

            ආදායම් මුද්දර එකතු කිරීමත් ඒවා පිළිබඳව අධ්‍යයනය කිරීමත් මෙයට අදාළ වේ.

මුද්දර ප්‍රදර්ශකය

මුද්දර ප්‍රදර්ශකයක් යනු කිසියම් කාණ්ඩයක් (Class Of Philately) යටතේ එකතු කර ඇති මුද්දර සහ ආශ්‍රිත අයිතම ක්‍රමානුකූලව පිළිවෙළකට ඉදිරිපත් කර, ප්‍රදර්ශනය සඳහා සකස් කර ඇති ප්‍රදර්ශනයකි. තේමාවට අදාළව සම්පූර්ණවූත් නිවැරදි තොරතුරැවලින් පරිපූර්ණවූත් විස්තරයක් මෙහි ඉදිරිපත් කර තිබිය යුතුය. මෙහි සඳහන් විස්තරය සම්පූර්ණයෙන්ම වචනවලින් ඉදිරිපත් කර නොතිබිය යුතුය. ඒ සඳහා මුද්දර සහ ආශ්‍රිත අයිතම භාවිත කර තිබිය යුතුය. අවශ්‍ය තැන්වලදී පමණක් ඉතාම කෙටියෙන් වචනවලින් පැහැදිලි කිරීම් කළ යුතුය.

මුද්දර ප්‍රදර්ශනයක් සැකසීමේ දී අදාළ තේමාව තෝරාගැනීම පිළිබඳ සම්පූර්ණ නිදහස තරගකරුට ඇත.

ප්‍රදර්ශකයක් සකස් කිරීමේ දී භාවිත කළ හැකි අයිතම

1.         මුද්දර (stamps), මුද්දර පොත් පිංච (stamp booklets), තැපැල් ලිපිද්‍රව්‍ය(postal stationeries),   මුද්දර මුද්‍රිත ලිපිකවර(pre stamped envelopes), තැපැල්පත්(postcards),             ගුවන්ලිපි(aerogrammes), විසිතුරු තැපැල්පත්(maximum cards), යාන්ත්‍රික තැපැල් මුද්‍රා(metres      franking), පරිගණක මුද්‍රිත ලේබල්(computer vended postage), අති මුද්‍රිත මුද්දර (overprints      and surcharges) සහ සිදුරැ විදින ලද මුද්දර(perfins)

2.         සාමාන්‍ය දින මුද්‍රා(postmarks), විශේෂ දින මුද්‍රා, සමරු දින මුද්‍රා සහ උද්‍යෝග පාඨ (slogan             cancellations)

3.         ජාත්‍යන්තර පිළිතුරු කූපන් පත්, ලියාපදිංචි ලේබල් සහ වෙනත් තැපැල් ලේබල්.

4.         මුද්දර සහ මුද්දර ආශ්‍රිත අයිතමවල කටුසටහන් (sketches) සහ සෝදුපත් (proofs) ආදිය.

5.         මුද්‍රණ දෝෂ සහිත අයිතම(varieties)

6.         මුද්දර හඳුන්වාදීමට පෙර භාවිත කළ තැපැල් ලිපිද්‍රව්‍ය.

ප්‍රදර්ශක සැකසීම

ප්‍රදර්ශකය සැකසීමේ දී අනුගමනය කළ යුතු පොදු රීති.

1.         ප්‍රදර්ශකය සකස් කිරීම සඳහා යොදාගන්නා  සිරස් හැඩැති පිටුවල ප්‍රමාණය මි.මී 215 x  මි.මී             295 වේ. A4 ප්‍රමාණයේ සුදු ඡායා පිටපත් කඩදාසි ද මේ සඳහා භාවිත කළ හැකිය.

2.         ප්‍රදර්ශක පිටුවල වර්ණය සුදු හෝ ලා පැහැයක් විය යුතුය.

3.         සෑම පිටුවක්ම අංකනය කළ යුතු අතර සෑම පිටුවකම පසුපස ප්‍රදර්ශකගේ නම, ලිපිනය,             දුරකථන අංක ආදී විස්තර සඳහන් කළ යුතුය.

4.         ප්‍රදර්ශක පිටුවල මුද්දර හෝ මුද්දර ආශ්‍රිත අයිතම රුඳවිය යුත්තේ හින්ජස් හෝ මුද්දර රුඳවුම්             පටි ආධාරයෙනි. පාවිච්චි නොකළ මුද්දර ආශ්‍රිත අයිතම රුඳවීම සඳහා පටි භාවිත කිරීම වඩාත්             යෝග්‍ය වේ.

5.         අවසානයේ දී ප්‍රදර්ශකයේ සෑම පිටුවක්ම අම්ලහරණය කරන ලද විනිවිද පෙනෙන ඇසුරුමක             බහා විවෘතව ඇති කෙළවර වැසිය යුතුය.

            ප්‍රදර්ශකයකින් කෙරෙනුයේ තෝරාගත් තේමාවක් පිළිබඳව පුළුල් විග්‍රහයක් මුද්දර සහ ආශ්‍රිත             අයිතම ආශ්‍රයෙන් ඉදිරිපත් කිරීමය. මෙහිදී තේමාවට අදාළ කරැණු කිසියම් පිළිවෙළකට             පෙළගැස්විය යුතු අතර ප්‍රදර්ශකයේ මුල් පිටුවේ තේමාව පිළිබඳව කෙටි හැඳින්වීමක් සමග             ප්‍රදර්ශනයේ සැලැස්ම, මාතෘකා සහ උප මාතෘකා වශයෙන් ඊට අදාළ පිටු අංක සඳහන් කරමින්             පොතක පටුන සේ ඉදිරිපත් කළ යුතුය.

ත්‍යාග සටහන

කාණ්ඩය                      ස්ථානය            පදක්කම්           මුදල් ත්‍යාග       ස්ථාවර ඇණවුම් ගිණුම් ත්‍යාග

5,6,7 ශ්‍රේණි                  පළමුවන           රන්                  රු. 10,000                    රු. 2,000

                                    දෙවන              රිදී                    රු. 7,500                      රු. 2,000

                                    තෙවන             ලෝකඩ           රු. 5,000                      රු. 2,000

8,9,10 ශ්‍රේණි                පළමුවන           රන්                  රු.15,000                     රු. 2,000

                                    දෙවන              රිදී                    රු.10,000                     රු. 2,000

                                    තෙවන             ලෝකඩ           රු.7,500                       රු.2,000

11,12,13 ශ්‍රේණි            පළමුවන           රන්                  රු. 20,000                    රු.2,000

                                    දෙවන              රිදී                    රු.15,000                     රු.2,000

                                    තෙවන             ලෝකඩ           රු.10,000                     රු.2,000

වැඩිහිටි                         පළමුවන           රන්                  රු.20,000                     රු.2,000

                                    දෙවන              රිදී                    රු.15,000                     රු.2,000

                                    තෙවන             ලෝකඩ           රු. 10,000                    රු.2,000

 

1. තේමාවේ කරුණු ඉදිරිපත් කිරීම.

            • තේමාවට අදාළ සෑම පැතිකඩක්ම සාකච්ඡා කළ යුතුය. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ චිත්‍ර             කලාව යන තේමාව තෝරාගත් විට එහි ඉතිහාසය, විවිධ යුගවල චිත්‍ර කලාවේ සුවිශේෂී ලක්ෂණ,           වර්තමානය තෙක් විකාශනය ආදී වශයෙන් පුළුල් ලෙස සාකච්ඡා කළ යුතුය.

•           ශාක, සතුන්, ක්‍රීඩා ආදි අසීමිත ලෙස පුළුල් පරාසයක විහිදෙන තේමා තෝරා නොගත යුතුය.

•           මුද්දරයෙන් නිරූපිත සංගීත භාණ්ඩ වැනි තේමා තෝරා නොගත යුතුය. මන්ද ප්‍රධාන තේමාව             මුද්දරයෙන් නිරූපිත යන රාමුවට කොටු වීමෙන් පුළුල් සාකච්ඡාවකට භාජන කිරීමේ හැකියාවක්        නැති බැවිනි.

•           තේමාව, මාතෘකා සහ උප මාතෘකා වශයෙන් ක්‍රමානුකූලව සැලසුම් කළ යුතුය.

•           සෑම මාතෘකාවකම සහ උප මාතෘකාවකම සඳහන් කරුණු තුලනාත්මකව ඉදිරිපත් කළ යුතුය.             එනම් එක් මාතෘකාවක විස්තර පිටු භාගයක ඉදිරිපත් කර තවත් මාතෘකාවක විස්තර පිටු 2 ක්             පුරාවට ඉදිරිපත් කිරීම වැනි දෑ නොකළ යුතුය.

•           මාතෘකා ඉදිරිපත් කිරීමේදී අනුපිළිවෙළක් අනුගමනය කර තිබිය යුතුය. එනම් මාතෘකාවක             විස්තර පිටු 02 ක් පුරා ඉදිරිපත් කිරීම ආදිය නොකළ යුතුය.

•           මාතෘකා ඉදිරිපත් කිරීමේදී අනුපිළිවෙලක් අනුගමනය කර තිබිය යුතුය. උදාහරණයක් වශයෙන්           දැක්වුවහොත් ‘ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාව’ යන තේමාවට අදාළව ප්‍රදර්ශකයක් සකස් කරන්නේ         නම් ‘අනුරාධපුර යුගයේ චිත්‍ර කලාව’  යන මාතෘකාවට පසුව ‘මහනුවර යුගයේ චිත්‍ර කලාව’  යන     මාතෘකාව විග්‍රහ කර තිබිය යුතුය.

•           තේමාවට අදාළ නව අරුත් සැපයීම, නව පැතිකඩවලින් තේමාව දෙස බැලීම සහ නව්‍ය             අයිතමයන් අදාළව ඉදිරිපත්  කළ යුතුය.

2. දැනුම සහ අධ්‍යයනය.

            •           තේමාවට අදාළ කරුණු පැහැදිලි කිරීමේදී විස්තර ඉතා කෙටියෙන් ලිවිය යුතුය. රඳවනු                          ලබන   මුද්දර හා ආශ්‍රිත අයිතම තුළින්ම කරුණු පැහැදිලි වීමට ඉඩ සැලැස්විය යුතුය.

            •           කරුණු ඉදිරිපත් කිරීමේ දී අදාළ තැන්වල විද්‍යාත්මක නාම, තාක්ෂණික නාම ආදිය ඉතා                              නිවැරදිව සඳහන් කළ යුතුය.

            •           විග්‍රහ කරන කරැණට අදාළ ඉතා නිවැරදි අයිතම, නියමිත ස්ථානයේ රුඳවිය යුතුය.                                     උදාහරණයක් ලෙස දක්වතොත් ඩීසල් දුම්රිය පිළිබඳව පැහැදිලි කිරීමේදී ගල් අඟුරු                            දුම්රිය නිරූපිත මුද්දර භාවිත නොකළ යුතුය.

            •           මුද්දර විනෝදාංශය පිළිබඳව ඇති දැනුම ප්‍රදර්ශනය කළ යුතුය. එනම් මුද්දර වල සිදුරු                            විදීමත්, දිය සලකුණු, මුද්‍රණ ක්‍රම, තැපැල් ගාස්තු ආදිය අනුව තේමාවට ගැළපෙන පරිදි                          මුද්දර හා ආශ්‍රිත අයිතම ප්‍රදර්ශකය තුළ ප්‍රදර්ශනය කළ යුතුය.

3. ස්වභාවය සහ විරල බව.

            • සියලු මුද්දර ආශ්‍රිත අයිතම ඉතා හොඳ තත්ත්වයේ පිරිසුදු ඒවා විය යුතුය.

            • ඉරුණු, දැති කැඩුණු සහ දින මුද්‍රා තදින් වැදුණු අයිතම භාවිත නොකළ යුතුය.

            • විශේෂ හේතුවක් නොමැත්තේ නම් පාවිච්චි කළ හා නොකළ එකම අයිතමය එකම තැනක                            නොරුඳවිය යුතුය.

            • ප්‍රදර්ශකයයේ භාවිත කරන අයිතම පහත ආකාරයෙන් වීම වඩා යෝග්‍ය වේ.

 

1.         නිවැරදි තැපැල් ගාස්තුව ගෙවූ මුද්දර සහිත කවර.

2.         සාමාන්‍ය තැපෑලට වඩා ලියාපදිංචි, ශීඝ්‍රගාමී,ගුවන් තැපැල් වැනි විශේෂ තැපැල් සේවා සඳහා             භාවිත කළ කවර.

3.         විවිධාකාර මුද්දර ඇලවූ කවර වෙනුවට එකම නිකුත් කිරීමකට අයත් මුද්දර ඇලවූ කවර.

4.         මුද්දර සහ දින මුද්‍රාව අතර වැඩි සබැඳියාවක් ඇති කවර.

5.         විරල අයිතම.

6.         ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය වන්නේ නම් අයිතමය සමග එහි පිටුපස ඡායාපිටපත් ඉදිරිපත් කිරීම.

 

• දැකුම්කලු ලෙස ඉදිරිපත් කර තිබිය යුතුය.

• ප්‍රදර්ශනපත් සුදු පැහැති හෝ ලා පැහැති විය යුතුය.

• මුද්දර සහ අනෙකුත් අයිතම තුලනාත්මකව රුඳවිය යුතුය.

• පිටුවල විස්තර කිරීම තුලනාත්මකව කළ යුතුය.

• තේමාව පරිච්ඡේද හා උප පරිච්ඡේද සඳහා විවිධ ප්‍රමාණයේ අකුරු භාවිත කිරීම යෝග්‍ය වේ.

• ප්‍රදර්ශන පතේ මුද්‍රිත දාරය ඇතුළත පමණක් මුද්දර සහ ආශ්‍රිත ද්‍රව්‍ය රුඳවිය යුතුය.

 

සහභාගිත්වය සඳහා කොන්දේසි

1.         මීට පෙර අවස්ථාවල දී මුද්දර කාර්යාං‍ශය මගින් හෝ ශ්‍රී ලංකා මුද්දර එකතු කරන්නන්ගේ             සංගමය මගින් හෝ එකී පාර්ශවයන් ඒකාබද්ධව හෝ පවත්වන ලද මුද්දර ප්‍රදර්ශන සඳහා             ඉදිරිපත් කරන ලද ප්‍රදර්ශක නැවත ඉදිරිපත් නොකළ යුතුය.

2.         තරගකාරී අංශය සඳහා එක් පුද්ගලයෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් ප්‍රදර්ශකයක් පමණකි.             තරගකාරි නොවන අංශය සඳහා එක් පුද්ගලයෙකුට ප්‍රදර්ශක ඕනෑම ප්‍රමාණයක් ඉදිරිපත් කළ             හැකිය.

ප්‍රදර්ශනපත්

ප්‍රදර්ශනපත් වශයෙන් A4 ප්‍රමාණයේ සුදු ඡායා පිටපත් කඩදාසි භාවිත කළ හැකි අතර අවශ්‍ය නම් ඒ සඳහාම විශේෂයෙන් සකසන ලද පත්‍රිකා, මුද්දර කාර්යාංශයෙන් මිලදී ගැනීමට හෝ තැපෑලෙන් ගෙන්වා ගැනීමට පුළුවන.

ප්‍රදර්ශනපත් සහ ඒවා බහාලන විනිවිද පෙනෙන රක්ෂිත ආවරණ කට්ටලවල මිල ගණන් පහත පරිදි වේ.

වයස් කාණ්ඩය     පිටු ගණන    මිල

1.         5, 6, 7  ශ්‍රේණි               පිටු 04              රු. 100.00

2.         8, 9, 10 ශ්‍රේණි              පිටු 08              රු. 200.00

3.         11, 12, 13 ශ්‍රේණි          පිටු 16              රු. 400.00

4.         වැඩිහිටි                         පිටු 16              රු. 400.00

5.         වැඩිහිට                         පිටු 32              රු. 800.00

අවශ්‍ය කට්ටලය (පිටු ගණන) සඳහන් කරන ලද ලිපියක්, විද්‍යුත් මුදල් ඇණවුමක් සමග එවීමෙන් මේවා ලබාගත හැකිය. අවශ්‍ය නම් අමතර පිටුද මිලදී ගත හැකිය. අමතර ප්‍රදර්ශන පතක් සහ සෙලෝපේන් ආවරණයක් සඳහා රු. 25.00 ක මුදලක් අය කරනු ලැබේ.

ප්‍රදර්ශනපත් සහ සෙලෝපේන් ආවරණ මිලදී ගැනීම සඳහා එවනු ලබන මුදල් ඇණවුමේ, ගෙවීම ලබන්නා පෝස්ට් මාස්ටර් ජනරාල් යනුවෙන් ද ගෙවන කාර්යාලය මූලස්ථාන තැපැල් කාර්යාලය යනුවෙන් ද සඳහන් කර අධ්‍යක්ෂ, මුද්දර කාර්යාංශය ,තැපැල් මූලස්ථානය, 310 , ඩී. ආර්. විජේවර්ධන මාවත, කොළඹ 10  යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවන්න.

සකස් කරන ලද සියලු ප්‍රදර්ශක සමග පහත සඳහන් අයදුම්පත පුරවා  2017- 10 - 14 දින හෝ ඊට පෙර ලැබෙන සේ විශාල ප්‍රමාණයේ ඝනකම් කවරයක බහා ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවීම හෝ ගෙනැවිත් භාරදීම හෝ කළ යුතුය.

 

ජාතික මුද්දර ප්‍රදර්ශනය 2017

අයදුම්පත

 

වයස් කාණ්ඩය - 5, 6, 7 ශ්‍රේණි/ 8, 9, 10 ශ්‍රේණි/ 11, 12, 13 ශ්‍රේණි/ වැඩිහිටි

 

අංශය - තරගකාරි අංශය / තරගකාරි නොවන අංශය

1 -   සම්පූර්ණ නම -

       සිංහලෙන් -                            .............................................................

       ඉංග්‍රිසි කැපිටල් අකුරෙන් -      .............................................................

2 - ඉගෙනුම ලබන ශ්‍රේණිය -          ............................................................

3 - ඉගෙනුම ලබන පාසල -            .............................................................

       පාසලේ ලිපිනය -                    .............................................................

       පාසලේ දුරකථන අංකය -       .............................................................

4 - නිවසේ ලිපිනය -                       .............................................................

        නිවසේ දුරකථන අංකය -        ............................................................

5 - ප්‍රදර්ශකයේ තේමාව -                .............................................................

6 - ප්‍රදර්ශකයේ පිටු ගණන -            ..............................................................

 

මෙම නිර්මාණය මවිසින් කරන ලද්දක් බව සහතික කරමි.

                                                                                     

                                                                                      ප්‍රදර්ශකගේ අත්සන

 

                                              

 

 

 

 

  විදුහල්පතිගේ සහතිකය

                                                 (පාසල් දරුවන් සඳහා)

අධ්‍යක්ෂ,

මුද්දර කාර්යාංශය,

කොළඹ 01000.

 

මේ සමග ඉදිරිපත් කර ඇති මුද්දර ප්‍රදර්ශකය, මෙම විදුහලෙහි ................... ශ්‍රේණියේ ඉගෙනුම ලබන.................................................. ශිෂ්‍යයාගේ / ශිෂ්‍යාවගේ නිර්මාණයක් බව මෙයින් සහතික කරමි.

                                                                             .....................................................

                                                                             විදුහල්පතිගේ අත්සන සහ නිල මුද්‍රාව

දිනය - ....................................

වැඩි විස්තර සඳහා

දුරකථන - 011 2326 163, 011 4927 248, 011 2328 301 - 3 දිගුව 165 හෝ 1950 ක්ෂණික ඇමතුම් සේවාව

වෙබ් අඩවිය - www.stamps.gov.lk

විද්‍යුත් තැපෑල - stamps.info@slpost.lk,slpostpb@gmail.com

ෆේස් බුක් පිටුව - https://www.facebook.com/PhilatelicBureauSriLanka/

 

දින පොත