ජාත්‍යන්තරය ජයගත් ජොටී

2024 මැයි මස 08 පෙ.ව. 04:13 - {{hitsCtrl.values.hits}}  

22 වැනි ජාත්‍යන්තර අන්තර්ජාල බාලදක්ෂ ජම්බෝරිය පසුගිය දා නිමාවට පත් විය. ශ්‍රී ලංකාවේ බාලදක්ෂයන් ඒ සඳහා ලියාපදිංචි විය යුතු ආකාරයත් විදේශීය බාලදක්ෂයින් සමග අදහස් හුවමාරැ කරගත යුතු ආකාරයත් විජය බාලදක්ෂ කඳවුරින් පැහැදිලි කරන ලදි. ඒ අනුව, ශ්‍රී ලංකාවේ බාලදක්ෂයෝ ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමට ක්‍රියා කළහ. බාලදක්ෂයෝ ශ්‍රී ලංකාවේ ස්ථාන 12 ක දී ලෝක බාලදක්ෂ මූලස්ථානයෙහි නිලවශයෙන් ලියාපදිංචි වූහ. රත්මලානේ ගුවන් බාලදක්ෂ කණ්ඩායම, කඹුරාවෙල බාලදක්ෂ කණ්ඩායම හා 4 වැනි මොරටුව බාලදක්ෂ කණ්ඩායම සැලසුම් සහගතව ජම්බෝරියට සහභාගී වීම කැපී පෙනුණි. බාලදක්ෂයින් විසින් ම සකස් කරගැනුණු මැදිරි තුළ ආලෝක ලාම්පු, කැමරා උපාංග ස්ථාන ගතකොට තිබුණි. ලැබෙන දර්ශන පුළුල් තිර මත ප්‍රක්ෂේපණය කළ බැවින් සජීවී රෑප රාමු සහිත පණිවිඩ සෑම බාලදක්ෂයෙකුටම දැකගත හැකි විය. ඒ අනුව ලෝක බාලදක්ෂ බියුරෝව විසින් නිකුත් කෙරැණු 2018 ලෝක අන්තර්ජාල බාලදක්ෂ ජම්බෝරි ලෝක සිතියමට ශ්‍රී ලංකාව ඇතුළත්ව තිබුණි. මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේත් ලෝකයේත් බාලදක්ෂයින් විසින් අන්තර්ජාලය ඔස්සේ ජොටී මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලැබූ ස්ථාන දැක්වෙන සිතියමයි. ජාත්‍යන්තර අන්තර්ජාල ජම්බෝරියට ශ්‍රී ලංකාවේ බාලදක්ෂයින් සහභාගී වීමේ අඩුවක් පැවති බව සිතියම නිරීක්ෂණය කරන විට පෙනී යයි . එම තත්ත්වය එළැඹෙන වසරේ පැවැත්වෙන ලෝක අන්තර්ජාල ජම්බෝරියේදී වෙනස් කිරීමට අදිටන් කර ගත යුතුය. ඒ සඳහා කල් ඇතිව සූදානම් විය යුතුව ඇත. 
ඩිජිටල් කඳවුරැ ගිනිමැලය
ගුවන්විදුලි නාට්‍ය ආකෘතිය භාවිත කරමින් බාලදක්ෂ ගීත සහ බාලදක්ෂ රස කථා  අන්තර්ජාලයට එකතු කිරීම විජය බාලදක්ෂ කඳවුරේ අදහසක් මත සිදු විය. එය නම් කර තිබුණේ ඩිජිටල් කඳවුරැ ගිනිමැලය යනුවෙනි. දිනෙන් දින අලුත්වන බාලදක්ෂ රසකථා ස්කවුටින් යූ ටියුබ් නාලිකාවෙන් දැන් ඔබට රසවිඳීමට පුළුවන. එයට සමගාමීව ආරම්භ කළ විජය බාලදක්ෂ කඳවුර යූ ටියුබ් නාලිකාව ඔස්සේ බාලදක්ෂ ඔබගේ නව පර්යේෂණ සහ අත්හදා බැලීම් රෑපරාමු සහිතව අන්තර්ජාලයට එකතු කෙරේ.
අන්තර්ජාලයට වෙබ් අඩවි දෙකක් නිදහස් කෙරේ
22 වැනි ජාත්‍යන්තර අන්තර්ජාල ජම්බෝරියේ දී ශ්‍රී ලංකවේ බාලදක්ෂ කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව අන්තර්ජාලයට වෙබ් අඩවි දෙකක් එකතු කරන ලදී. Scouting.lk වෙබ් අඩවියට පිවිසෙන ඔබට ශ්‍රී ලංකාවේ දිනෙන් දින අලුත්වන බාලදක්ෂ තොරතුරැ සහ දැනුම ලබා ගත හැකි ය. ශ්‍රී ලංකා බාලදක්ෂ මූලස්ථානයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීම ප්‍රධාන බාලදක්ෂ තුමන් වන අතිගරැ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. එබැවින්, 22 වැනි අන්තර්ජාල ජම්බෝරියට ඓතිහාසික වටිනා කමක් එකතු විය.

දින පොත