ශ්‍රී ලංකාව සේද මාවතෙහි අතිශයින් වැදගත් සන්ධිස්ථානයක් - කථිකාචාර්ය සුගත් රත්නායක

2024 මාර්තු මස 29 පෙ.ව. 06:21 - {{hitsCtrl.values.hits}}  

චීනයේ පැවති ජාත්‍යන්තර තරුණ හුවමාරු වැඩසටහනක් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පීඨයේ සිංහලඅධ්‍යයන අංශයේ කතිකාචාර්ය සුගත්රත්නායක මහතාට හිමිව තිබේ. ඒ,චීනයේ ගුයිචෞ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව (Guizhou Provincial Department of Education), චීන-ආසියාන් අධ්‍යාපන හුවමාරු සතිය සංවිධාන කමිටු මහලේකම් කාර්යාලය(China ASEAN Education Exchange Week Organizing Committee Secretariat) සහගුයිචෞඉංජිනේරු විද්‍යාවිශ්වවිද්‍යාලය(Guizhou University of Engineering Science)එක්ව සංවිධානය කළ“දැනගමුගුයිචෞ” (Zhi& Xing Guizhou)සේදමාවතජාත්‍යන්තර තරුණහුවමාරුවැඩසටහනයි.ජුලි මස 4 වැනිදා ආරම්භ වු මෙම තරුණ හුවමාරු වැඩසටහන ජුලි මස 11 වැනිදා අවසන් වු අතරඒ සදහා රටවල් 20 ක පමණ විදේශීය සිසුන් සහ විශ්ව විද්‍යාලගුරුවරුන් සහභාගීවූහ. මෙම වැඩසටහනට ශ්‍රීලංකාව සහ යුන්නාන් විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් සුගත්රත්නායක මහතා සහභාගී විය. කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති හා දර්ශනපති උපාධි ලබා ඇති සුගත් රත්නායක මහතා බෙයිජිංහි චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවයේ හිටපු උපදේශකවරයෙකි.

මෙම වැඩසටහන පැවති දින හතක කාලය තුළ විදේශීය තරුණ ගුරු සිසු නියෝජිතයන්ට ගුයිචෞ පළාතේ බීජි(Bijie) නගරයේ විවිධ සංචාරක ආකර්ශන  සහ ඓතිහාසික ස්ථාන දැක බලා ගැනීමේ අවස්ථාව හිමි විය. UNSCO Global Geopark ලෙස නම් කර ඇති ලෝක ප්‍රකට Zhijin Cave, Xian Temple, Shexiang Museum, වැනි ඓතිහාසිකස්ථානවල මෙන්ම Miao සහ Yi සුළුතර ජනවාර්ගික කොටස් වෙසෙන සාම්ප්‍රදායික ගම්මානවල ද විදේශීය නියෝජිතයෝ සංචාරය කළහ. ඊට අමතරව චීනයේ අස්පර්ශනීය උරුම ලෙස සැලකෙන බතික්, කඩදාසි කැපීම, පින්තාරු කලාව සහ අක්ෂර කලාව පිළිබද ප්‍රයෝගික මෙන්ම න්‍යාත්මක අවබෝධය ද ලබා දෙන ලදී. විදේශ තරුණ නියෝජිතයින්ට සාම්ප්‍රදායික සුළු ජාතික ක්‍රීඩා පිළිබඳ අත්දැකීම් ලබා දුන්නේ උපාධිය සදහා එවැනි ක්‍රීඩා පිළිබද හදාරන සිසුන්ගේ අත්දැකීම් ද සමගිනි. ඊට අමතරව නවෝත්පාදනය සහ තරුණ ව්‍යවසායකත්වය පිළිබඳ චීන අත්දැකීම් ඇතුළත් විශේෂ දේශන ද වැඩසටහනට ඇතුළත් කර තිබිණ.

වැඩසටහනේ සමාප්ති උත්සවය අමතමින් ගුයිචෞ ඉංජිනේරු විද්‍යා විශ්ව විද්‍යාලයේ කොමියුනිස්ට් පක්ෂ කමිටුවේ නියෝජ්‍ය ලේකම්ෂියැංෂියැන්ලි(Xiang Xianli) මහතා පැවසුවේ මෙම වැඩසටහන සේදමාවතේ සිහින ගොඩනඟා ගැනීම සඳහා චීන හා විදේශීය තරුණ තරුණියන් සම්බන්ධ කරන වැදගත් වේදිකාවක්බවයි.

(Xiang Xianli - Deputy Secretary of the Communist Party Committee of University)

සමාප්ති උත්සවයේදීහුබෙයිමෝටර්රථතාක්ෂණවිශ්වවිද්‍යාලයේ ප්‍රමුඛ ගුරුවරයෙකු වන ෆැන්ග්පෙන්ග්(Fang Peng)මහතා ගුරු නියෝජිතයෙකු ලෙස කතාවක් සිදු කළේය. ඔහු සඳහන් කළේ මෙම සංස්කෘතික අත්දැකීම් හා හුවමාරුව අතරතුර, ගුයිචෞ ඉංජිනේරු විද්‍යා විශ්ව විද්‍යාලයේ නායකයින්ගේ දැඩි සැලකිල්ල, වෘත්තීය ගුරුවරුන්ගේ විශිෂ්ට කුසලතා, කාර්යමණ්ඩලයේ සූක්ෂම සංවිධානය සහ ශිෂ්‍ය ස්වේච්ඡා සේවකයන්ගේ ඉවසිලිවන්ත සේවය ඔවුන්ටමනාව දැණුනු බවයි. අනාගතයේදී, ලොව පුරාසිටින තරුණ තරුණියන්ගේ හදවත් හා මනස ලිවීමට බොහෝ පාර්ශව අත්වැල්බැඳගතයුතු බවඔහු සඳහන් කළේය.

(Fang Peng – Lecture from Hubei University of Automotive Technology)

(Sugath Rathnayake - Lecture from Foreign language School of Yunnan University)

මෙම උත්සවයේදී යුන්නාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලෙහි සිංහල අධ්‍යයනාංශයේ කතිකාචාර්ය සුගත් රත්නායක මහතා විදේශීය ගුරු නියෝජිතයින් වෙනුවෙන් කතාව සිදු කළේය. ඔහු එහිදී පැවසුවේ  ශ්‍රී ලංකාව සේද මාවතෙහි අතිශයින් වැදගත් සන්ධිස්ථානයක් බවයි. ශ්‍රී ලංකාව හා යුන්නාන් විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මෙම ජාත්‍යන්තර තරුණ හුවමාරු වැඩසටහනට සහභාගී වීමට ලැබීම භාග්‍යයක් කොට සලකන බව ද ඔහු පැවසීය. ගුවන් තොටුපළේදි සිනහ මුසු මුහුණින් අපවපිළිගත් අවස්ථාවේ සිටදින හතක් පුරා සිදුකළ ආගන්තුක සත්කාර ඉතාමත් ප්‍රසංශනීය බවත්, විශ්වවිද්‍යාල ප්‍රධානීන්, ගුරුවරුන්, ස්වේච්ඡා සේවකයින් ලෙස කටයුතු කළ සිසුන් කළ කැපවීම් අතිශයින් අගය කරන බවත් ඔහු පැවසීය.ඔහු සඳහන් කළේZhijin Cave හාXiang Temple වැනි ස්ථාන වලසංචාර කිරීමෙන් බීජි නගරයහා ඒඅවට දර්ශනීය, ඓතිහාසික හා සංස්කෘතිකස්ථාන පිළිබද ලබාගත් දැනුම චීනය කෙරෙහිවන අවබෝධය සහ ආදරයතවත් වැඩිකිරීමට හේතුවූ බවයි. සියලු සංචාරක ආකර්ශනයන්ගෙන් පිරි ඉන්දියන් සාගරයේ මුතු ඇටය යැයි විරුද්දාවලි ලත් ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස ද ඔහු විදේශීය සිසුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කළේය.

දින පොත