බේඩ්න් පවෙල් සහ හමුදා සේවය
- 2020-02-24 09:57:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වර්ෂ 1876 සැප්තැම්බර් 11වැනි දින උප ලුතිනන්වරයෙකු ලෙස බේඩ්න් පවෙල් මහතා හමුදා සේවයට එක් විය. 13 වැනි හුසාර්ස් රෙජිමේන්තුවට එක්වූ එතුමා 1878 සැප්තැම්බර් 17 වැනි දින ලුතිනන් ධුරයට උසස් විය.
1883 මැයි මස 16 දින මේජර් වරයකු ලෙසින් 13 වැනි හුසාර්ස් රෙජිමේන්තුවේ සේවයේ නියුතව 1892 ජූලි 1 දා බ්‍රෙවට් කර්නල් ධුරයට උසස් විය.
1892 දී කර්නල් වරයකු වූ එතුමා 1892 මාර්තු මස 26 දින “5 වෙනි ඩ්‍රැගන් ගාඩ්* රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ලෙස පත්වීමක් ලබා දී දකුණු අප්‍රිකාවේ අශාන්ති සටන මෙහෙයවීමට නියෝග ලද්දේය.
5 වැනි ඩ්‍රැගන් ගාඩ් රෙජිමේන්තුව
කර්නල් රොබට් බේඩ්න් පවෙල් දක්ෂ අශ්වාරෝහකයෙක් විය. එබැවින් ඩ්‍රැගන් ගාඩ් අශ්වාරෝහක රෙජිමේන්තුවේ කටයුතු කිරීම පහසු විය. එහි තේමා පාඨය “අපි පසු නොබසිමු.*
කර්නල් බේඩ්න් පවෙල් ගේ
හමුදා ජීවිතයේ හැරවුම් ලක්ෂය
ඩ්‍රැගන් ගාඩ් රෙජිමේන්තුවේ සේවය කළ වකවානුවේ දී මේජර් ෆෙඩ්‍රික් රසල් බර්න්හැම් හමුවිය. කදිම අවංක මිතුරකු වූ ෆෙඩ්‍රික් බේඩ්න් පවෙල් ජාතියේ වීරයකු වශයෙන් පිළිගන්නා ලද බෝයර් සටනේ මැෆ්කිං මුදා ගැනීමට ක්‍රියාශීලීව දායක විය. එවකට ඔහු ඩ්‍රැගන් ගාඩ් රෙජිමේන්තුවේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේය.
තොරතුරැ ලබා දුන් බාලදක්ෂ නායක ධර්මලාල් ගුණවර්ධන මහතාට විජය බාලදක්ෂ කඳවුරේ ස්තූතිය හිමිවෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments