අන්තර් බලඇණි ශිෂ්‍යභට ක්‍රීඩා උළෙල - 2026
- 2026-01-21 12:55:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

සහයෝගීතාව සංහිදියාව වර්ධනය කිරීමේ පියවරක් ලෙස ජාතික ශිෂ්‍යභට බලකාය විසින් සංවිධානය කරනු ලැබූ සමස්ත ලංකා ක්‍රීඩා උළෙල 2025 පසුගිය ජනවාරී 17 සහ 18 යන දෙදින පුරා යාපනය දොරෙයිඅප්පා ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණි.
උතුර දකුණ යා කිරීම සහජීවන වැඩසටහන යටතේ මෙම ක්‍රීඩා උත්සවය පළාත් 9 නියෝජනය වන පරිදි විවිධ ජාතීන් වලට අයත් ශිෂ්‍යභට බාලක බාලිකාවියන් සහභාගී වී තරගවැදීමට එක්ව සිටියහ. විවිධ ජාතීන් අතර සහජීවනය හා උතුරු පළාත තුල ශිෂ්‍යභට කටයුතු ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් මෙය සංවිධානය කිරීම විශේෂත්වයකි. වසර 6කට පසුව පවත්වනු ලැබූ මෙම ක්‍රීඩා උළෙලෙ මලල ක්‍රීඩා ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ වශයෙන්ද වොලිබෝල්, නෙට්බෝල්, ෆුට්බෝල් කණ්ඩායම් තරග සහ මාර්ග ධාවන තරග ද මෙහිදී පැවැත්වුණ අතර තූර්ය වාදන සංදර්ශන සහ ඝණ සරඹ සන්දර්ශන ද මෙම දෙදින පුරා පැවැත්වුණි.
ක්‍රීඩා උළෙල සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් හා ජාතික ශිෂ්‍යභට බලකා අධ්යක්ෂ මේජර් ජෙනරාල් ඒ.පී.සී.ආර් ප්‍රේමතිලක ආර්.එස්.පී යූ.එස්.පී එන්.ඩීසී
මහත්වරුගේ සභාගීත්වයෙන් පැවැත්වූ අතර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නිලධාරිනියන් මෙන්ම සෙසු නිලයන් වල සහභාගීත්වයෙන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පොලිසියේ මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍ර වල ඉහළ නිලධාරීන් හා ප්‍රදේශවාසීන් සහභාගී වූහ.
මෙහිදි තරග වැදුණු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ජයග්‍රහනය ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ට දක්ෂතා පෙන්වීමට සමත් වූ අතර දක්ෂතම මලල ක්‍රීඩිකාව කණීෂ්ඨ ශිෂ්‍යභට වයඹ පළාතේ දොඩම්ගස්ලන්ද රාජකීය විද්‍යාලයේ සැරයන් ජයසිංහ ජේ.ඒ.ඩී.එම් සහ දක්ෂතම කණීෂ්ඨ ශිෂ්‍යභට මලල ක්‍රීඩකයා ලෙස ඌව පළාතේ මඩුල්ල මහ විද්‍යාලයේ රූපසිංහ ඩී.එම්.කේ.එස් ශිෂ්‍යභටයාට හිමි විය. දක්ෂතම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට මලල ක්‍රීඩිකාව ලෙස වයඹ පළාතේ ගිරිබාව මහා විද්‍යාලය සැරයන් සේනාරත්න ජී.ආර්.කේ.එන් සහ දක්ෂතම ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යභට මලල ක්‍රීඩකයා බස්නාහිර පළාතේ මාරපොළ මහ විද්‍යාලයේ කල්හාර එල්.එන්.යූ සහ උතුරු පළාතේ මහජන මහා විද්‍යාලයේ කෝප්රල් කවියාලකන් ටි යන ක්‍රීඩකයින් දෙදෙනාම දක්ෂතම මලල ක්‍රීඩකයින් ලෙස ජයග්‍රහනය ලබා ගැනීමට සමත් විය.
බාලක වොලිබෝල් ශූරතාවය - සඹරගමුව පළාත, බාලිකා වොලිබෝල ශූරතාවය - වයඹ පළාත, බාලිකා නෙට්බෝල් ශූරතාවය - ඌව පළාත, බාලක පාපන්දු ශූරතාවය - උතුරු පළාත, මාර්ග ධාවන තරගයේ ප්‍රථම ස්ථානය :10ණප* බාලක - කෙඩෙට් බණ්ඩාරනායක එන්බීකේඑම්, දෙනිකේ ද්වීතීක පාසල - හගුරන්කෙත, මාර්ග ධාවන තරගය ප්‍රථම ස්ථානය :5 ණප* බාලිකා - සැරයන් සේනාරත්න, ගිරිබාව මධ්‍ය මහා විද්‍යාලය, 4 වැනි බලඇණිය වයඹ පළාත, සමස්ත ලංකා ක්‍රීඩා තරගාවලියේ අනු ශූරථාවය බාලක - බස්නාහිර පළාත, සමස්ත ලංකා ක්‍රීඩා තරගාවලියේ අනු ශූරතාවය බාලිකා - බස්නාහිර පළාත සමස්ත ලංකා ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම පළාත බාලක - උතුරු මැද සමස්ත ලංකා ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම පළාත බාලිකා - වයඹ











Reply To:
Name - Reply Comment
0 Comments