නිදහස් අලි අරණ විවෘත කෙරේ
- 2026-02-16 17:13:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ 51 වන සංවත්සරය සමරමින් නිදහස් අලි අරණ විවෘත වේ. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානය (16) සිය 51 වන සංවත්සරය සමරනු ලැබීය. ඒ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙනි.
පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර් උඩුවාවල මහතා, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආර්.සී. රාජපක්ෂ මහතා, පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්යක්ෂ මිහිරාන් මැදවල මහතා ඇතුළු කාර්යමණ්ඩලය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙන්ම ප්‍රදේශයේ පෙර පාසල් සිසුන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වුහ.
ආසියානු පිරිමි අලින් ලිංගික පරිණත්වයට පැමිණි විට “මද” (musth) ලෙස හැඳින්වෙන කාල පරිච්ඡේදයකට පිවිසීම සාමාන්‍ය ලක්ෂණයකි. එම අවස්ථාවේදී ඔවුන් ආරක්ෂිතව හා විධිමත් ක්‍රමවේදයන්ට අනුව කළමනාකරණය කිරීම සත්වෝද්‍යාන හා සත්ත්ව සුබසාධන සංකල්පයන්ට අනුගතව වැඩිහිටි පිරිමි අලින් නිදහසේ තැබීම සඳහා “නිදහස් අලි අරණ” ස්ථාපිත කර ඇත.

Reply To:
Name - Reply Comment
0 Comments